Thursday, September 19, 2024

විදේශ නාවික කඳවුරුවලට ලංකාවේ ඉඩක් නෑ – අගමැති

වෙළඳ නෞකා සහ වෙළඳ කටයුතු සඳහා ලංකාවේ වරාය විවෘත කර තැබුවත් විදේශීය නාවික කඳවුරු හෝ මූලස්ථාන ලංකාව තුල පිහිටුවීමට තම රජය කිසිසේත්ම ඉඩ නොතබන බව අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කලහ.

හයවැනි “ගාලු කතිකාවතේ“ ප්‍රධාන දේශනය සිදුකරමින් රනිල් වික්‍රමසිංහ මහතා වැඩිදුරටත් අවධාරණය කර සිටියේ එක්සත් ජනපද නාවික කටයුතුවල ස්වභාවය සහ හැසිරීම තමන් හොඳින් අවබෝධකරගෙන සිටිනා බවයි.

ඉන්දියානු සාගරයේ නාවික කටයුතුවලදී ස්වාධීනව කටයුතු කිරීමට මෙන්ම ආසන්න රටවල් සමග නාවික ගණුදෙනු යහපත් ආකාරයෙන් පවත්වාගෙන යාමට තම රජය ඉතාමත් උනන්දුවෙන් කටයුතු කරන බවද පැමිණිසිටි දෙස් විදෙස් පිරිස අමතමින් අගමැතිවරයා සඳහන් කලහ.

දකුණු ආසියාතික කලාපය එක් ඒකකයක් ලෙස ඉන්දියානු සාගරයේ නාවික කටයුතු වලදී එක්විය යුතු බවත්,ඒ අනුව ඉන්දියානු සාගරයේ නාවික ශක්තිය යහපත් ලෙස පවත්වාගෙන යාමට එය ඉවහල්වනු ඇති බවත් අග්‍රාමාත්‍යවරයා පවසයි.

Galle_Dialogue_2015_commences_in_the_port_city_of_Galle_20151123_04p14

අන්තර්ජාතික නාවුක සමුළුවක් ලෙසින් වසරක් පාසා ශ්‍රී ලංකා නාවික හමුදාව සහ ආරක්ෂක අමාත්‍යංශය එක්ව සංවිධානය කරන “ගාලු කතිකාවත“ සඳහා රටවල් ගණනාවක් නියෝජනය කරමින් නාවික හමුදා ප්‍රධානීන් ඇතුළු විශේෂ ආරාධිත අමුත්තන් ගණනාවකගේ සහභාගිත්වයෙන් ගාලු කතිකාවත ඊයේ ආරම්භවූ අතර ශ්‍රී ලංකාවේ නාවික ක්ෂේත්‍රයට බලපාන බොහොමයක් වැදගත් තීන්දු තීරණ සාකච්ඡාවට බඳුන් කිරීමට නියමිතය.

“වඩාත් සවිමත් නාවුක සබඳතාවක් ඔස්සේ ආරක්ෂිත සමුදුරක උදෙසා අභියෝග සහ ඉදිරිගමන“ යන තේමාවෙන් ඇරඹි ගාලු කතිකාවත තුලින් ජාත්‍යන්තර නාවික සබඳතා තවත් දැඩිවනු ඇතිබව නාවික ක්ෂේත්‍රයේ විශ්වාසයයි.

ජනරඟ දේවසුරේන්ද්‍ර

ඡායාරූප – www.defence.lk 

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles