විදේශ මුදල් පිට කිරීමට උත්තසහා කළ පස් දෙනකු රේගු අත්අඩංගුවට

0
281

රුපියල් කෝටි දෙක හමාරකට අධික වටිනා විදේශ මුදල් නීති විරෝධීව  මෙරටින් පිට කිරීමට උත්තසහා කළ පුද්ගලයන් පස් දෙනකු  ශ්‍රී ලංකා රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් අත්අඩංගුවට ගත් බව ව රේගු මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය රේගු අධ්‍යක්ෂ සුදත්ත ද සිල්වා මහතා සදහන් කරයි.

අත්අඩංගුවට ගන්නා ලද මුදල් අතර එක්සත් ජනපද ඩොලර් 95000 ක්, යුරෝ 18000 ක් සහ සවුදි රියාල් 37000 ක් ඇතුළත් වන බවට එම නිළධාරන් සදහන් කරයි.

දීර්ඝ කාලයක් තිස්සේ සිදුකරන ලද විමර්ශනයක ප්‍රතිඵලයක් ලෙස ශ්‍රී ලංකාවෙන් විදේශ රටවල්වලට විදේශ මුදල් ජාවාරම් කිරිමේ නිරත වූ පුද්ගලයින් පස් දෙනෙක් මෙසේ අත්අඩංගුවට ගෙන ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here