විදේශ රටවල් තුනක පිහිටි ශ්‍රී ලංකා දූත මණ්ඩල තුනක් වසා දැමීමට විදේශ අමාත්‍යාංශය තීරණය කරයි

0
328

මේ වනවිට ශ්‍රී ලංකාව මුහුණ දී තිබෙන ඩොලර් හිඟය හා ඩොලර් ඉතිරි කිරීමේ පියවරක් ලෙස විදේශ දූත මණ්ඩල තුනක් වසා දැමීමට නියමිත බව වාර්තා කරයි.

ඒ අනුව විදේශ අමාත්‍යාංශය විසින් නයිජීරියාවේ ශ්‍රි ලංකා තානාපති කාර්යාලය ,ජර්මනියේ ෆ්‍රැන්ක්ෆර්ට් හි පිහිටි ශ්‍රී ලංකා කොන්සල් කාර්යාලය සහ සයිප්‍රසයේ ශ්‍රී ලංකා කොන්සල් කාර්යාලය වසා දැමීමට නියමිතව ඇතැයිද වැඩිදුරටත් වාර්තාවේ.

අදාල යුරෝපා කොන්සියුලර් ජනරාල් කාර්යාල දෙකට වැය වන වියදම අඩු කර ගැනීම සදහා සහ නයිජිරියාවේ පවතින අනාරක්ෂිත තත්ත්වය හේතුවෙන් එරට තානාපති කාර්යාලය වසා දැමීමට තීරණය කර ඇති බව වාර්තාවේ.

විදේශ අමාත්‍ය, මහාචාර්ය ජී.එල් පීරිස් පැවසුවේ ෆ්‍රැන්ක්ෆර්ට් කොන්සල් කාර්යාලයේ කටයුතු බර්ලිනයට ගෙන යන බවයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here