විධායකය අහෝසි නොකරන්න ශ්‍රීලනිප මධ්‍යම කාරක සභාව තීරණය කරයි.

0
323

ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතාගේ ප‍්‍රධානත්වයෙන් පැවති ශ‍්‍රීලනිප මධ්‍යම කාරක සභාව විසින් විධායක ජනාධිපති ධුරය අහෝසි නොකල යුතු බවට තීරණය කර තිබේ.

විධායක ජනාධිපති ධුරයේ බලතල සම්පුර්නයෙන් අහෝසි නොකර සිටීමටත් මැතිවණ ක‍්‍රමය පලමුව වෙනස් කිරීමටත් එහිදී තීරණය කර ඇත. එහිදී ජනාධිපතිවරයා සඳහන් කර ඇත්තේ නැවත වරක් ජනාධිපතිවරණයකට තරඟ කිරීමට තමන් තුල අදහසක් නැති බවයි.

නමුත් මධ්‍යම කාරක සභාව එම තීරණයට එකඟ වී නැත්තේ 2020 පැවැත්වෙන ජනාධිපතිපතිවරණයට ශ‍්‍රිලනිපයෙන් ඉදිරිපත් කරන අපේක්‍ෂකයා කවුදැයි මෙතෙක් තීරණය වී නැති හෙයිනි.

මධ්‍යම කාරක සභා ඇතැම් සාමාජිනයින් අතර සාකච්චා වී ඇත්තේ මීළඟ ජනාධිපති අපේක්‍ෂකයා ලෙස ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතාටම තරඟ වදින ලෙස යෝජනා කල යුතු බවයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here