විපක්ෂයේ මන්ත්‍රීවරුන් ආණ්ඩුව සමඟ එකතුවෙන්න සුදානම්

0
304

අමාත්‍යවරයා ප්‍රකාශ කළේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සහ ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා මේ මොහොතේදි පක්ෂ නායක තනතුරු බේරා ගැනිමේ උත්සාහයක නිරතව සිටින බවය.

“විපක්ෂය මන්ත්‍රීවරු දැඩි කළ කිරිමෙන් සිටින බවත් ඔවුන් පාර්ලිමේන්තු ලොබියේ කරන කතාබස්වලින් පැහැදිලි වෙනවා. විපක්ෂය ගෙන යන පිස්සු වැඩපිළිවෙල තුළින් ගෝඨාභය රාජපක්ෂ මහතාගේ නායකත්වයෙන් හා මහින්ද රාජපක්ෂ මහතාගේ අග්‍රාමාත්‍ය ධුරය යටතේ ක්‍රියාත්මක ආණ්ඩුව කිසි ලෙසකින් හෝ පෙරළා දැමිය නොහැකි බව විපක්ෂයේ මන්ත්‍රීවරුන් තේරුම් අරන් තිබෙනවා. සුළු පක්ෂ නායකයින් දැන් ආණ්ඩුව සමඟ එකතුවෙමින් කටයුතු කරමින් ඉන්නවා. විපක්ෂය දැන් කැලි කැලි වලට කැපිලා ඉන්නේ. විපක්ෂයේ ලක්ෂ 55ක් ඇතුළත ඉන් බහුතරයක් ඉන්නේ දැන් අපිත් එක්ක යැයි” ඔහු පැවසීය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here