විපක්ෂ ක්‍රියාකාරීන් එක පෙළට අත්අඩංගුවට ගනී…

0
591
කොළඹ – 2 රාජ්‍ය ඉංජිනේරු සංස්ථා පරිශ්‍රය අසලදී පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ප්‍රචාරක ලේකම් දුමින්ද නාගමුව මහතා පොලීසිය විසින් අත්අඩංගුවට ගනු ලැබ තිබේ.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නීතිඥ අජිත් රෝහණ මහතා පැවසුවේ, උද්ඝෝෂණ ව්‍යාපාරයක් පැවැත්වීමේ චෝදනා මත ඔහු ඇතුළු තවත් 5 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බවයි.

උද්ඝෝෂණ, පෙළපාලි සහ රැස්වීම් කොවිඩ් රෝග ව්‍යාප්තියට හේතු වන බවට ඊයේ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා නිකුත් කළ නිරෝධායන නියෝගයට පටහැනිව කටයුතු කිරීම මත මෙම පිරිස අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ ය.

නීරෝධායන නීති උල්ලංඝණය කරමින් බණ්ඩාරවෙල, බොරලන්ද ප්‍රදේශයේ විරෝධතාවක නිරත වීම යන චෝදනාව මත ඔවුන් අත්අඩංගුවට ගැනීමට විමර්ශන ක්‍රියාත්මක වීම හේතුවෙන් සමන්ත විද්‍යාරත්න සහ නාමල් කරුණාරත්න යන මහත්වරු පොලීසියට ඉදිරිපත් වී ඇත.

පොලීසිය පැවසුවේ, සැකකරුවන් අද වැලිමඩ අධිකරණය හමුවට ඉදිරිපත් කරන බවය.

පසුගිය 01වැනිදා අදාළ විරෝධතාවට එක්වූ තවත් පුද්ගලයින් 05දෙනෙකු ද නිරෝධායන නීති උල්ලංඝණය කිරීමේ චෝදනා මත අත්අඩංගුවට ගෙන වැලිමඩ අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව එක් අයෙකුට රුපියල් ලක්ෂයක ශරීර ඇප මත මුදා හැරිණි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here