Monday, September 23, 2024

විපතට පත් ජනතාවට සහන සැලසීමට-ජනපතිගෙන් විශේෂ කමිටුවක්

කොස්ගම, සාලාව අවි ගබඩා සංකීර්ණයෙහි සිදු වූ හදිසි පිපිරීමෙන් විපතට පත් ජනතාවට සහන සැලසීම විධිමත් කිරීම සඳහා විශේෂ කමිටුවක් පත් කිරීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා උපදෙස් ලබාදුන්නේය.

මුදල් අමාත්‍ය රවී කරුණානායක, ආපදා කළමනාකරණ අමාත්‍ය අනුර ප්‍රියදර්ශන යාපා, විද්‍යා තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් මෙම කමිටුව පත් කිරීමටත්, විපතට පත් ජනතාවගේ ජන ජීවිතය යථා තත්ත්වයට පත් කෙරෙන තුරු අවශ්‍ය සියලූ සහන කටයුතු එම කමිටුව මඟින් සම්බන්ධීකරණය කිරීමටත් මෙහිදී ජනාධිපතිවරයා උපදෙස් ලබා දුන්නේය.

කොස්ගම, සාලාව අවි ගබඩා සංකීර්ණයෙහි සිදුවූ හදිසි පිපිරීමෙන් විපතට පත් ප්‍රදේශවාසී ජනතාවට කඩිනම් සහන සැලසීම පිලිබඳ විශේෂ සාකච්ඡාවක් අද (17) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ දී පැවැත්වුණු අතර එහිදී ජනාධිපති සිරිසේන මහතා මෙම උපදෙස් ලබා දුන්නේය.

විපතට පත් ජනතාවට නොඅඩුව සියලූ සහන සැලසීමට රජය කටයුතු කළේ ඇතැම් දේශපාලන න්‍යාය පත්‍ර අනුව ක්‍රියාත්මක වූ උද්ඝෝෂණ නිසා නොව, ඉතා සංවිධානාත්මකව එම කටයුතු ක්‍රියාවට නංවමින් බව ද ජනාධිපතිවරයා මෙහිදී ප්‍රකාශ කළේය.

නිවාස හා දේපළ හානි සිදු වූ පවුල් වෙනුවෙන් මාසිකව ලබාදෙන රුපියල් 50,000 දීමනාව කඩිනමින් සහ විධිමත් අයුරින් ලබාදීමට ද උපදෙස් දුන් ජනාධිපතිවරයා හානි වූ දේපළ හා නිවාසවල වටිනාකම් තක්සේරු කිරීමේ කටයුතු කඩිනම් කරන ලෙස ද උපදෙස් දුන්නේය.

ඒ සඳහා රජයේ තක්සේරු නිලධාරින් ප්‍රමාණවත් නොවේනම් කාර්ය මණ්ඩල බඳවා ගැනීමට ද වැඩිදුරටත් උපදෙස් දුන්නේය.

මෙම සියලූ කටයුතු ක්‍රියාත්මක කිරීමේදී කිසිදු අවස්ථාවක චක්‍රලේක බාධාවක් කර නොගන්නා ලෙස ජනාධිපවරයා නිලධාරින්ට පැවසීය.

විනාශ වූ සාලාව නගරය යළි ගොඩනැගීමේදී විධිමත් නගර සැලැස්මක් ඔස්සේ දියුණු නගරයක් ලෙස ගොඩනැගීමට ද ජනාධිපතිවරයා මහා නගර සහ බස්නාහිර සංවර්ධන අමාත්‍යාංශය වෙත උපදෙස් දුන්නේය.

– ada

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles