Saturday, January 4, 2025

විභාග දෙපාර්තමේන්තුවේ වෙනසක්

විභාග දෙපාර්තමේන්තු ඉතිහාසයේ පළමු වරට විභාග කොමසාරිස් ජනරාල් ධුරය සඳහා අයැදුම්පත් කැඳවා සුදුස්සකු බඳවා ගැනීමට අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා.

මෙතෙක් කොමසාරිස් ජනරාල් තනතුර සඳහා බඳවා ගැනුණේ දෙපාර්තමේන්තුවේ දීර්ඝ කාලයක් සේවා අත්දැකීම් සහිත අධ්‍යාපන පරිපාලන සේවයේ පළමු ශ්‍රේණියේ නිලධාරීන්ය.

එසේ නමුත් මේ වන විට විභාග කොමසාරිස් ජනරාල් තනතුර සඳහා අධ්‍යාපන පරිපාලන සේවයේ විශේෂ ශ්‍රේණීයේ සුදුසුකම අවශ්‍ය වන අතර එම සුදුසුකම සපිරූ නිලධාරීන් දෙපාර්තමේන්තුවේ නොමැත.

අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම් මහාචාර්ය කපිල පෙරේරා මහතා පවසන්නේ කෙසේ වුව ද මෙවර මෙම තනතුර සඳහා පත් කෙරෙන්නේ අයැදුම්පත් කැඳවීමෙන් බවයි.

අයැදුම්පත් කැඳවීම සඳහා අවශ්‍ය පියවර ගන්නා ලෙස නිලධාරීන්ට උපදෙස් දුන් බව මහාචාර්යවරයා වැඩිදුරටත් සඳහන් කළා.

මීට පෙර දෙපාර්තමේන්තුවට පිටින් මෙම තනතුර සඳහා නිලධාරියකු පත් කර ඇත්තේ එක් වරක් පමණක් වන අතර ඒ හිටපු අධ්‍යාපන ඇමැති රිචර්ඩ් පතිරණ මහතාගේ සමයේ දීයී.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles