කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මහතා තමාගේ පෞද්ගලික ෆේස්බුක් ගිණුම වෙනත් පුද්ගලයකු විසින් අත්පත් කරගෙන ඇති බව ඒ මහතා මහතා පවසයි.
ඒ සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් දැක්වූ විමල් වීරවංශ මහතා දින කිහිපයක සිට තමන්ට තම ගිණුමට පිවිසීමට නොහැකි වන ලෙස පැවැති නමුත් ඊයේ වන විට යළි සම්පූර්ණයෙන්ම තමන්ගේ පාලනයට තම “ෆේස් බුක්” ගිණුම අත්පත් කරගත් බවත් පවසයි.
මේ වන විට සිය ගිණුමේ පාලනය තමන් ලබා ගත් බවත්, එම කාල සීමාවේදී ගිණුම ලබාගත් පුද්ගලයා විසින් සිදුකළ පොස්ට් ෂෙයාර් කිරීම් සඳහා වග විභාගයකින් තොරව අදහස් ප්‍රකාශ කළ අය සම්බන්ධයෙන් අනුකම්පා කරන බවට ද අමාත්‍යවරයා සිය ෆේස්බුක් ගිණුමේ සටහනක් තබමින් සඳහන් කර සිටියි.