පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා ඇතුළු විත්තිකරුවන් 06 දෙනෙකුට එරෙහිව ගොනුකර තිබෙන නඩුව අද (07) කොළඹ අතිරේක මහේස්ත්‍රාත් චන්දිම ලියනගේ මහතා ඉදිරියේ කැඳවනු ලැබුවා.
එහිදී නඩු විභාගය එළෙඹෙන මැයි මස 30 වන කැඳවීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියම කර තිබෙනවා.
එදින සාක්ෂිකරුවන්ට අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස මහෙස්ත්‍රාත්වරයා විසින් නියෝග කළ බවයි සඳහන් වන්නේ.
එදින සාක්ෂිකරුවන්ට අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස මහෙස්ත්‍රාත්වරයා විසින් නියෝග කළ බවයි සඳහන් වන්නේ.
2016 වසරේ එක්සත් ජාතීන්ගේ හිටපු මානව හිමිකම් මහකොමසාරිස් සෙයිද් අල් හුසේන් කුමරු ශ්‍රී ලංකාවේ සංචාරය කළ අවස්ථාවේදී කොළඹ, තුම්මුල්ලේ පිහිටි එක්සත් ජාතීන්ගේ කොළඹ ප්‍රධාන කාර්යාලය ඉදිරිපිට මාර්ගවල උද්ඝෝෂණය කිරීම තුළින් මහජන පීඩාවක් සිදුකළේ යැයි චෝදනා කොට විමල් වීරවංශ ඇතුළු විත්තිකරුවන් හය දෙනෙකුට එරෙහිව කුරුඳුවත්ත පොලීසිය මගින් එම නඩුව ගොනුකර තිබෙනවා.