සමහර කැබිනට් පත්‍රිකා එදාම එනවා එදාම අනුමත කරගන්නවා – විමල් වීරවංශ

0
325

ඇතැම් අමාත්‍ය මණ්ඩල පත්‍රිකා ඉදිරිපත් කල වහාම සම්මත කරගන්නා බවත් ඒවා ප්‍රමාණවත් සාකච්ඡාවක් සඳහා විවෘත නොවන බවත් කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මහතා සඳහන් කරයි.

ඔිනෑම හොඳ දෙයක් වුවත් ක්‍රියාවට නංවද්දී බොහෝ සැලසුම් සහගතව කටයුතු කළ යුතු බවද අමාත්‍යවරයා කියා සිටියි.

වසංගතයක් ක්‍රියාත්මක වෙද්දී පොහොර ප්‍රශ්නය සම්බන්ධයෙන් මීටත් වඩා සැලසුම් සහගතව ක්‍රියාත්මක කළ යුතුව තිබූ බවද අමාත්‍යවරයා ගේ අදහසයි.

ඒ අනුව කාබනික පොහොර යොදා වගාව සිදු කිරීමේදී වසංගතයක් පවතින අවස්ථාවකදී මේ සඳහා ගොවි ජනතාව මානසිකව සූදානම්ද යන්න සම්බන්ධයෙන් ආණ්ඩුව තුළ ප්‍රමාණවත් සාකච්ඡාවක් සිදු වූයේ නම් සමහර දෑ මීට වඩා නිවැරදි වීමට ඉජ තිබූ බවයි අමාත්‍යවරයා සඳහන් කළේ.

ඇතැම් දේවල් පිළිබඳව ප්‍රමාණවත් සාකච්ඡාවක් ආණ්ඩුව තුළ සිදුවූයේ නම් ඇතැම් දේවල් මීට වඩා නිවැරැදිව කළ හැකිව තිබූ අද ඔහු පැවසීය.

තමන් මේ බව අමාත්‍ය මණ්ඩල තුළදීත් පිටතදීත් සඳහන් කරන බවද ඔහු තවදුරටත් කියා සිටියේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here