Friday, September 20, 2024

විමල්, වාසු, ගම්මන්පිල කැබිනට් වගකීම කඩල…! ජනපතිගෙන් දොස් මුරයක්..! ඇමැතිකම් ගළවන බවත් කියයි…!

කොවිඩ් වසංගත තත්ත්වය ගැන මෙවර අමාත්‍ය මණ්ඩලය විසින් සිදු කළ දීර්ඝ සාකච්ඡාවේදී නිහඬව සිට පසුව රට වසා දමන ලෙස කැබිනට් අමාත්‍යවරුන් තිදෙනකු හවුල්කාර පක්ෂ සමඟ එක්ව ප්‍රසිද්ධ නිවේදනයක් නිකුත් කිරීම මගින් අමාත්‍ය මණ්ඩල සාමූහික වගකීම උල්ලංඝනය කර තිබෙන බව ජනාධිපතිවරයා අදාළ අමාත්‍යවරුන් දුරකතනයෙන් අමතා පෙන්වා දී තිබේ.

මෙම චෝදනාව බරපතළ බව ද ඔවුන් කැබිනට් මණ්ඩලයේ සිටිමින් එවැන්නක් කිසිසේත්ම නොකළ යුතු යැයිද ජනාධිපතිවරයා වැඩිදුරටත් කියා ඇත. මෙම චෝදනාව යටතේ තිදෙනාම ඇමැති ධූරවලින් ඉවත් කිරීමට තමන්ට හැකි බව ද ජනාධිපතිවරයා අවධාරණය කර තිබේ. මෙහි දී ඇමැති වාසුදේව නානායක්කකාර එම නිවේදනයෙන් කිසියම් වරදක් සිදුවන්නට ඇති බව ජනාධිපතිවරයා හමුවේ පිළිගෙන ඇති අතර ඔහු අනතුරුව වෙනම නිවේදනයක් ද නිකුත් කර තිබිණි.

කෙසේ හෝ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ අදාළ අමාත්‍යවරුන් වන වාසුදේව නානායක්කාර, උදය ගම්මන්පිල හා විමල් වීරවංශ සමඟ සුහද ලෙස සාකච්ඡා කිරීමට ඔවුනට සිකුරාදා රාත්‍රී භෝජන සංග්‍රහයක්ද පැවැත්වීය.

එම භෝජන සංග්‍රහයට අදාළ අමාත්‍යවරුන්ට අමතරව සහභාගි වූයේ වෙළෙඳ අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන පමණි. සිකුරාදා රාත්‍රියේ පැය 4කට ආසන්න කාලයක් තිස්සේ අරලියගහ මැඳුරේ පැවති මෙම භෝජන සංග්‍රහයේදී පැවති ප්‍රශ්න සුහද ලෙස නිරාකරණය වූ බව රජයේ ආරංචි මාර්ග සඳහන් කළේය.

Emanisa.lk

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles