ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ නායකත්වය යටතේ පළාත් පාලන මැතිවරණයට ඉදිරිපත් වන බවත් පක්ෂය දිනවීමට නම් පටු අදහස්වලට නොයා සියලු දෙනාම පක්ෂයත් සමඟ එක්වී කටයුතු කළ යුතු බවත් වාරි මාර්ග හා ජල සම්පත් කළමනාකරණ ඇමැති විජිත් විජයමුණි සොයිසා මහතා පවසයි.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත් සමඟ අනෙකුත් පක්ෂ සන්ධාන ගත වී ඡන්දයට මුහුණ දුන් සෑම අවස්ථාවකම එක්සත් ජාතික පක්ෂය පරාජය කිරීමට හැකි වූ බවත් දේශපාලන ව්‍යුහයේ අන් සෑම පක්ෂයකටම වඩා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ජනතාවගේ හදවත තුළ වෙනස්ම ආකාරයකින් මුල් බැස ගෙන ඇති බවත් සොයිසා මහතා එහිදි ප්‍රකාශ කළේය. ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ ඊයේ (30) වාරි මාර්ග දෙපාර්තමේන්තුවේ පැවැති මාධ්‍ය හමුවකට සහභාගි වෙමිනි.
දේශපාලන වශයෙන් මෙන්ම ප්‍රතිපත්තිමය වශයෙන් එ.ජා.පය හා ශ්‍රී.ල.නි.ප අතර පරස්පර විරෝධතාවක් ඇති බවත් ඒ මහතා පැවසුවේය. එහිදි වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා මෙසේද කීය. පළාත් පාලන ඡන්දවල දී ආණ්ඩු බලය තියෙන පක්ෂයටම පළාත් පාලන බලයත් ලබා දිය යුතුයි කියා ජනතාව තුළ මතයක් තියෙනවා. මොකද ජනතාව කල්පනා කරන්නේ තියෙන ආණ්ඩුවෙන් වැඩගන්න. ඒ වගේම මෙතෙක් කල් රාජ්‍ය බලය තියාගෙන තමයි හැම පක්ෂයක්ම පළාත් පාලන ඡන්දය දිනලා තියෙන්නේ.
මැතිවරණවලට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් ඉදිරිපත් නොවී වෙනම ඉදිරිපත් වූ සෑම කෙනෙක්ම අන්ත පරාජයකට පත්වුණා. ශ්‍රී.ල.නි.ප නියෝජිතයන්ට පමණයි යම් තරමකින් හරි ජයග්‍රහණය කරන්න හැකි වුණේ. අපිට එ.ජා.පය පරාජය කරන්න හොඳ අවස්ථාවක් ලැබිලා තියෙන්නේ. ලෝකෙම පිළිගත්ත නායකයෙක් අපි ලැබිලා තියෙන්නේ. මේ රටේ ජනතාවත් ඔහුට කැමතියි. නමුත් අපේ පක්ෂය දෙකඩ කරන්න සමහර පිරිස් උත්සහ කරනවා. මම අහන්න කැමතියි කාගේ වුවමනාවටද මේවා කරන්නේ කියලා.
ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රිවරුන් කොටුවක් තුළ සිරවෙලා ඉන්නේ. ඔවුන්ව ඒ කොටුවෙන් එළියට අරන් නිවැරදි මාර්ගය පෙන්විය යුතුයි. එය අපේ යුතුකමක්. කණ්ඩායම් දෙකක් වෙලා ගමන් කළොත් එ.ජා.පය ජයග්‍රහණය කරනවා. එවිට අපිට බිම් මට්ටම නැති වෙනවා. නැවත වසර 20කටවත් අපේ පක්ෂය ගොඩගන්න හැකිවෙන්නේ නැහැ. අපිට ඉන්නේ පළපුරුදු නායකයෙක්. ඒකට බැසිල් රාජපක්ෂවත් වෙන රාජපක්ෂ කෙනෙක්වත් අවශ්‍ය නැහැ. ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ඉදිරිපත් වුණ හැම ඡන්දයක්ම දිනුවා. ඔහු නැතුව ශ්‍රී.ල.නි.ප ඉදිරිපත් වුණ 2015 මැතිවරණය අපි පරාජය වුණා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය දිනවීමට මෛත්‍රිපාල සිරිසේන මහතා අවශ්‍යයි. තමන්ගේ බල ලෝභය නිසා කවුරුන් හෝ මේ මැතිවරණයෙන් අපේ පක්ෂය පරාජය කරන්න හදනවා නම් කළයුතු එකම දේ තමයි එක් වෙලා මේ ඡන්දයට ඉදිරිපත් වෙන එක. බොහෝදෙනා හිතුවා මැයි දිනය දවසේ මෛත්‍රිපාල සිරිසේන මහතා ප්රමුඛ ශ්‍රී.ල.නි.ප යේ මැයි රැලියට ජනතාව පැමිණෙන එකක් නැහැ කියලා. නමුත් අනෙක් පක්ෂවලට සහභාගි වුණාට වැඩිය අපේ මැයි රැලියට ජනතාව එක්වුණා.
ඒකාබද්ධ විපක්ෂෙ අය කෑගැහුවට කොට්ඨාස මට්ටමේ ඡන්දයක් තිබුණොත් දිනන්නේ එ.ජා.පයයි. අනෙක් පක්ෂවලින් දිනන්නේ ශ්‍රී.ල.නි.පය. ඒකාබද්ධ විපක්ෂයට ලැබෙන්නේ අන්ත පරාජයක්. වෙන්වෙලා කටුයුතු කරන්න මේ අයට අයිතියක් නැහැ. නමුත් විපක්ෂය හැටියට කටයුතු කිරීමේ හැකියාව තියෙනවා.
රාජපක්ෂලා පරාජය වෙන පළවෙනි වෙඩිමුරය පත්තු කළේ ශෂින්ද්‍ර රාජපක්ෂ. අපි බැසිල් රාජපක්ෂ මහතාගෙන් අහන්න කැමතියි ශෂින්ද්‍ර මේ පක්ෂෙට කරපු ටික කරන්නද හදන්නේ කියලා මේ ඒකාබද්ධ විපක්ෂයත් සමඟ එකතු වෙලා, විමල් වීරවංශට ඕන බොරදියේ මාළු බාන්න. ඔවුන්ට තනි විපක්ෂයක් හැටියට දින්නන්න බැහැ. එතුමා කලින් ජ.වි.පෙ විනාශ කළා. දැන් ශ්‍රී.ල.නි.පය විනාශ කරන්න හදනවා. පසුගිය ජනාධිපතිවරණයේදි වැඩිපුරම රාජපක්ෂ මහතාගේ වේදිකාවල කැගහුවේ එතුමා. ඔහු කළේ ඡන්ද කඩපු එක විතරයි. විමල් වීරවංශ හදන්නේ අපේ ඡන්ද කඩලා ඒ පක්ෂයේ ඡන්ද වැඩි කරගන්න. ඒ උගුලට නිදහස් පාක්ෂිකයෝ හසුවෙන්න වුවමනා නැහැ. දැනට පක්ෂ 13ක් අපිත් එක්ක එකතු වෙලා ඉන්නවා මේ පළාත් පාලන මැතිවරණය සඳහා ඉදිරිපත් වෙන්න. රටේ වෙනසක් අවශ්‍යයි කියන මතයේ ඉන්න අය මේ සන්ධානයට එකතු වෙලා ඉන්නවා