Friday, September 20, 2024

විමල් සහ ගම්මන්පිල ආණ්ඩුවෙන් ඉවත්වෙයි ද ? සජබෙන් පිරිසකුත් ආණ්ඩුවට ?

විමල් වීරවංශ සහ උදය ගම්මන්පිල ආණ්ඩුවෙන් ඉවත් වුවහොත් සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරුන් 12ක් ආණ්ඩුවට සහය දීමට ඉදිරිපත්වන බවට ආණ්ඩු පක්ෂ අභ්‍යන්තර ආරංචි මාර්ග පවසයි.

මේ වනවිට ඩයනා ගමගේ මන්ත්‍රීවරිය ආණ්ඩුවට සහාය පල කරන අතර හේශා විතානගේ හා චමින්ද විජේසිරි මන්ත්‍රීවරුන්ගේ නම්ද පසුගිය දිනවල ආණ්ඩුව හා එක්වනු ඇතිබවට මාධ්‍ය වාර්තා වල පලවී තිබිණි. තවත් මන්ත්‍රීවරුන් නවදෙනෙකු මෙසේ ආණ්ඩුවවට සහාය පලකිරීමට එකඟතාවය පල කර ඇත.

දැනටමත් සමගි ජන බලවේගය සමඟි කලකිරී සිටින සුළු ජාතීන් නියෝජනය කරන නායකයකු රනිල් වික්‍රමසිංහ මහතා මුණ ගැසී ඇති අතර ආණ්ඩු පක්ෂ ප්‍රබලයකු සමඟි අද දින සාකච්ඡාවක් පැවත්වීමටද නියමිතය බවට වාර්තාවේ.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles