Saturday, September 21, 2024

විමල් ස්ථාවරය වෙනස් කරයි

විමල් වීරවංශ අමාත්‍යවරයා කෙරවලපිටිය යුගදනවි බලාගාර සිද්ධිය සම්බන්ධයෙන් දැරූ ස්ථාවරයේ යම් වෙනසක් සිදුකරගෙන තිබෙන බව වාර්තා වනවා.

යුගදනවි බලාගාරයේ 40%ක කොටස් ඇමරිකාවේ සමාගමට ලබා දීම කැබිනට් මණ්ඩලය දැනුවත් කිරීමකින් හෝ එහි අනුමැතියකින් තොරව සිදු කිරීම අනුමත කළ නොහැකි බව දැරූ දැඩි ස්ථාවරයකයි අමාත්‍යවරයා සිටියේ.

ස්ථාවරයේ වෙනසක්

එහෙත් දැන් එම ස්ථාවරයේ සැර බාල කර ඇති අමාත්‍යවරයා සඳහන් කරන්නේ යුගදනවි බලාගාරය කළමනාකරණය කිරීමේ අයිතිය ශ්‍රී ලංකාව සතුව පවතින්නේ නම් ඇමරිකානු සමාගමට 40%ක කොටස් ලබා දීම ගැටළුවක් නොවන බවයි.

එහෙත් කැබිනට් මණ්ඩලය නියෝජනය කරන හිටපු විදුලි බල අමාත්‍යවරයා වන ඩලස් අලහප්පෙරුම මහතා මෙන්ම වත්මන් බලශක්ති අමාත්‍යවරයා වන උදය ගම්මන්පිල යන මහත්තුරුන් කියන්නේ වෙනම කතාවක්

ඒ ප්‍රශ්නය වන්නේ යුගදනවි බලාගාරයේ කොටස් 40% ක් ඇමරිකානු සමාගමකට දීම හෝ පාලනය ලබා දීම නොව එම සමාගමට එල්. එන්.ජී. සැපයීමේ ඒකාධිකාරිය ලබාදීම බවයි.

විකල්ප පිලේ ස්ථාවරය

කෙසේ වෙතත් මේ වන විට විමල් වීරවංශ , උදය ගම්මන්පිල හා වාසුදේව නානායක්කාර යන අමාත්‍යවරුන් නායකත්වය දෙන පොදුජන පෙරමුණේම සන්ධානගත පක්ෂ 10ක කණ්ඩායම මෙම ගණුදෙනුව සම්බන්ධයෙන් ජනපතිවරයා සමඟ සාකච්ඡා කිරීමේ බලාපොරොත්තුවෙන් සිටින්නේ.

ඒ එම කණ්ඩායමට මෙම ගනුදෙනුව සම්බන්ධයෙන් තිබෙන ප්‍රශ්න විසඳා ගැනීම සඳහායි.

ඊට පෙර ඒ සම්බන්ධයෙන් එම කණ්ඩායමේ නායකයින් අත්සන් කළ ලිපියක්ද ජනපතිවරයා වෙත භාරදීමට සූදානම් කරගෙන සිටින්නේ.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles