පසුගිය දින 14 තුළ වියට්නාමයේ සංචාරය කර ඇති ගුවන් මගීන්ට/සංචාරකයින් සඳහා ශ්රී ලංකාවට පැමිණීම මේ මොහොතේ සිට තාවකාලිකව තහනම් කර තිබේ.
ශ්රී ලංකා සිවිල් ගුවන්සේවා අධිකාරිය නිවේදනය කළේ එම තහනම නැවත දැනුම් දෙනතුරු ක්රියාත්මක බවත් ඒ සම්බන්ධයෙන් සියලුම ගුවන්සේවා සමාගම වෙත දැනුම් දී ඇති බවය.
වියට්නාමයේ මේ දිනවල සීඝ්රයෙන් කොවිඩ් වෛරස ප්රභේදයක් පැතිරයාම හේතුවෙන් එම තීරණය ගෙන ඇති බව වාර්තා වේ.