Thursday, January 16, 2025

වියත්මග මේ රට පාලනය කරන්නෙ නැති බුද්ධි මණ්ඩලයක්

වියත්මග කියන්නේ බුද්ධි මණ්ඩලයක් පමණයි. රජය කියන්නේ වියත්මග නොවන බව නාගරික සංවර්ධන, අපද්‍රව්‍ය බැහැරලීම හා ප්‍රජා පවිත්‍රතා කටයුතු රාජ්‍ය අමාත්‍ය නාලක ගොඩහේවා මහතා පවසනවා.

එතුමා මේ බව පැවසුවේ යූ ටියුබ් නාලිකාවක වැඩසටහනකට එක් වෙමින්.

එතුමා දැක්වූ අදහස්,

ප්‍රශ්නය:- කොහොමද වියතමගේ දායකත්වය, වියත්මග නිහඩයිද ?

පිළිතුර :- ” වියත්මග කියලා කියන්නේ ගෝඨාභය රාජපක්ෂ මහතා වටේ ගොඩ නැගුණු බුද්ධි මණ්ඩලයක්, ඒක දේශපාලන සංවිධානයක් නෙවෙයි, දේශපාලන පක්ෂයකුත් නෙවෙයි, 2016 සිට 2019 දක්වා කාලය තුල ගෝඨාභය රාජපක්ෂ සමඟ මේ රටේ විද්වතුන් එකතු කරගෙන සෞභාග්‍ය දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශය සකස් කරන්නට විශාල දායකත්වයක් දුන්නා වියත්මග කණ්ඩායම. සියට සීයක් අපි කරා කියන් නෑ ,අපි තමයි ඊට ප්‍රධාන දායකත්වය දුන්නේ”

” එත් එක්කම ගොඩක් අය හිතන් ඉන්නවා රජය කියන්නේ වියත්මග කියලා, ඒක වැරදිලා ,රජය කියන්නේ වියත්මග නෙවෙයි,රජය කියන්නේ ජනාධිපති සහ කැබිනට් මණ්ඩලය සහ රාජ්‍ය අමාත්‍යවරු, රාජ්‍ය පරිපාලනය “

” කැබිනට් මණ්ඩලය ගත්තොත් එතන වියත්මගේ කවුරුත් නෑනේ,රාජ්‍ය අමාත්‍යවරු ගත්තත් එතන ඉන්නේ වියත්මගේ තුන්දෙනයි. එතකොට රට දුවන්නේ වියත්මගෙන් නෙවෙයි. ඒක නිසා ජනතාව තේරුම් ගන්න ඕනේ, සමහර අය ජනාධිපතිතුමාට ගහන්න කෝ වියත්මග, වියත්මග මොකක්ද කරන්නේ කියලා අහනවා.වියත්මග මේ රට පාලනය කරන්නෑ, වියත්මග මේ රටේ සැලැස්මයි හැදුවේ.දැන් ඒ සැලැස්මට අනුව කටයුතු කරන එක රජයට අයිති කාරණයක්,රජය කියන්නේ වියත්මග නෙවෙයි.

”රජය කරන කටයුතුවල ගෞරවය හෝ වරද වියත්මගට ගන්න බෑ , මට රාජ්‍ය අමාත්‍යංශයක් තියෙනවා, මගේ අමාත්‍යංශයේ සිදු කරන ඕන කටයුත්තක් ගැන ඕන කෙනෙක්ගේ අභියෝගයකට මුණ දෙන්න කැමතියි. සියට සීයක් අපේ වගකීම ඉටු කරලා තියෙනවා. පහු ගිය අවුරුදු දෙකේ දවස් හතම වැඩ කරලා තියෙනවා. අපේ අරමුණට අපි යනවා. හැබැයි එහෙම කියලා මේක රජය නෙවෙයි, මේක එක අමාත්‍යංශයක් විතරයි”යනුවෙන් පැවසීය.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles