වියලි කාලගුණය තත්ත්වය හේතුවෙන් ජල විදුලි උත්පාදනයට බලපෑම්

0
311

ශ්‍රී ලංකාවේ දැනට පවතින කාලගුණික තත්ත්වයන් හේතුවෙන් ජල විදුලි උත්පාදනය සැලකිය යුතු ලෙස පහත වැටී ඇති අතර එය රටේ විදුලි අර්බුදයට තවත් ගැටළුවක් වී තිබෙන බව වාර්තා වනවා.

ඒ අනුව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පැවසුවේ වියළි කාලගුණික තත්ත්වය 2022 අප්‍රේල් දක්වා පවතිනු ඇතැයි අපේක්ෂා කරන බවයි.

උෂ්ණත්වය ඉහළ යා හැකි බැවින් මාර්තු මාසය වන විට දිවයින පුරා කාලගුණ තත්ත්වය ඉතා වියලි වනු ඇතැයි එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කරනවා.

මෙි අතර ලබන අප්‍රේල් මාසය දක්වා අඛණ්ඩව විදුලිය සැපයීමට සැලසුම් සකස් කර ඇති බව විදුලිබල ඇමති ගාමිණි ලොකුගේ මහතා පවසනවා.

ඒ සඳහා පෞද්ගලික තාප බලාගාර සමග ගිවිසුම්වලට එළඹෙන බව අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here