විරෝධතාවක් සංවිධායන කිරීමේදී මීට වඩා වැඩි මන්ත්‍රීවරු පිරිසක් සහභාගී කරගන්න – අගමැති සජබ මන්ත්‍රීන්ට විරෝධතා කරන හැටි කියා දෙයි

0
336

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා, ඊයේ (6) පැවති පාර්ලිමේන්තු පරිශ්‍ර පිවිසුමේ සමගි ජන බලවේගයේ විරෝධතාවයේ නිරත මන්ත්‍රී පිරිස හමුවට ගියේය

එහිදී එම විරෝධතාවයේ නිරත මන්ත්‍රීවරු සමඟ අග්‍රාමාත්‍යවරයා සුහද කතාබහක නිරත වී ඇති බව අග්‍රාමාත්‍ය මාධ්‍ය ඒකකය නිවේදනයක් නිකුත් කරමින් පැවසීය.

විරෝධතාවක් සංවිධායන කිරීමේදී මීට වඩා වැඩි මන්ත්‍රීවරු පිරිසක් සහභාගී කර ගත යුතු බව ප්‍රකාශ කර තිබේ.

ඉතිහාසයේ තමන් සමග දේශපාලන සටන්වලට එක්වූ විරෝධයේ නිරත ව සිටි මන්ත්‍රීවරු සමඟ අතීතයේ මෙවැනි සටන්වල නිරත වූ ආකාරය සිහිපත් කරමින් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා එම ස්ථානයෙන් පිටව ගොස් තිබේ.

සමඟි ජන බලවේගයේ මන්ත්‍රීවරුන් වන රාජිත සේනාරත්න, ඉමිතියාස් බාකිර් මාකාර්, පාඨලී චම්පික රණවක මහත්වරු ඇතුළු මන්ත්‍රීවරු පිරිසක් මෙසේ අග්‍රාමාත්‍යතුමා සමඟ සුහඳ කතාබහක නිරත වූහ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here