Tuesday, September 24, 2024

විරෝධතාවය අතරතුර අසනීප වූ ගුරුවරිය ජීවිතක්ෂයට

හෘද සැත්කමක ට ලක්වී සිටි ගුරුවරියක් ගුරු උද්ඝෝෂණයක් අතරතුර දී හදිසියේ අසනීප වී රෝහල් ගතකිරීමෙන් අනතුරුව මියයෑමේ පුවතක් වාර්තා විය.
මාතර, කොටපොළ ජාතික පාසල ඉදිරිපිට සංවිධානය කර තිබූ ගුරු විරෝධතාවයක ට සහභාගී වී සිටි ගුරුවරියක් ක්ලාන්ත වී බිම ඇදවැටී ඇති අතර රෝහල් ගතකිරීමේ දී ඇය මියගොස් ඇත.


අද (09) සවස කොටපොළ ජාතික පාසල ඉදිරිපිට සිට පාගමනින් ගැටබරු විහාරය දක්වා ගොස් නැවත කොටපොළ ජාතික පාසල දෙසට පැමිණෙමින් තිබිය දී එම අවාසනාවන්ත සිදුවීම වාර්තා වී තිබේ.
එලෙස මියගොස් ඇත්තේ, දෙණියාය මධ්‍ය මහ විද්‍යාලයේ ප්‍රාථමික අංශයේ සේවය කළ 27 හැවිරිදි ගුරුවරියකි.


ඇය මීට පෙර හෘද සැත්කමකට මුහුණ දී දෙණියාය මුලික රෝහලේ මාසික සායනයට ද සහභාගී වන තැනැත්තියකි.
ඇදවැටීමෙන් අනතුරුව දෙණියාය මුලික රෝහලට ඇතුළත් කරන අවස්ථාව වන විටත් ඇය මිය ගොස් සිටි බව රෝහල් ආරංචි මාර්ග පැවසීය.


ගුරුවරියගේ හදිසි මරණ පරීක්ෂණය අද දෙණියාය මුලික රෝහලේ පැවැත්වීමට නියමිත අතර කොස්මෝදර පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වයි.

ගුරු විදුහල්පති වැටුප් ගැටලුවට විසඳුම් ලබාදෙන ලෙස ඉල්ලා ජාතික විරෝධතා දිනයක් ලෙස නම් කළ අද දිනයේ ගුරු විදුහල්පති සංගම් දිවයින පුරා උද්ඝෝෂණ රැසක් සංවිධානය කර තිබුණි

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles