විරෝධතාවල නිරත වූ වරදට හොංකොංහි 07 දෙනෙකුට සිර දඩුවම්.

0
339

චීනයේ අනුග්‍රහය යටතේ 2020 වසරේ හොංකොං වෙත හදුන්වා දුන් නව ජාතික ආරක්ෂක නීතියට එරෙහිව විරෝධතාවයේ යෙදුණු ක්‍රියාකාරිකයන් 07 දෙනෙකුට එරට අධිකරණයක් විසින් සිර දඩුවම් නියම කර තිබේ.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ, ෆිගෝ චාන් නම් සිවිල් මානව හිමිකම් පෙරමුණේ කැදවුම්රැට මෙහිදී වසරක සිර දඩුවමක් නියම කර ඇති බවයි.

හිටපු මහජන නියෝජිතයන් දෙදෙනෙකු වන වූ චී සහ ටී සැන්ග් හට මාස දහය බැගින් සිර දඩුවම් නියම කර තිබේ.

තවත් ක්‍රියාකාරිකයන් සිව්දෙනෙකුට සිර දඩුවම් නියම කර ඇත්තේ මාස අට බැගිනි.
චීනය හොංකොංහි බලය ව්‍යාප්ත කිරීම ආරම්භ වූ කාලසීමාවේ සිට හොංකොංහි නව මර්දනකාරී නීති ගණනාවක් හදුන්වා දී ඇති අතර ඊට එරෙහිව මහජන උද්ඝෝෂණ රැසක් ද පැන නැගිණ.

එම උද්ඝෝෂණ දරුණු ලෙස මර්දනය කෙරුණු අතර එහිදී විශාල පිරිසක් අත්අඩංගුවට ගනු ලැබූ අතර ඔවුන්ට එරෙහිව මෙසේ නඩු විභාග කොට දඩුවම් පැමිණවීමේ සිදුවීම් වරින් වර වාර්තා වේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here