Friday, January 17, 2025

සිරකරු ගැටළු සොයා බැලීමට අධිකරණ ඇමති වැලිකඩ බන්ධනාගාරයේ සංචාරයක –

අධිකරණ අමාත්‍ය අලී සබ්රි මහතා ඊයේ (23) පෙරවරුවේ දී වැලිකඩ බන්ධනාගාරයේ නිරීක්ෂණ චාරිකාවකට එක් වුණා.

ඵ් දින කිහිපයක සිට වැලිකඩ බන්ධනාගාරයේ වහලය මත නැගී උපවාසයක නියැලෙන රැඳවියන් සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහායි.

ඔහු පළමුවෙන් බන්ධනාගාර මූලස්ථානයේ නිලධාරීන් සමග ද පසුව වැලිකඩ බන්ධනාගාර රැඳවියන් සමඟ බන්ධනාගාරය තුළට ගොස් බන්ධනාගාර රැඳවියන් සමඟ සාකච්ඡාවක් සිදු කළා.

ඉන් අනතුරුව මාධ්‍යයට අදහස් දක්වමින් ඔහු කියා සිටියේ.

දීර්ඝකාලීනව බන්ධනාගාර ගතව සිටින රැඳවියන් ඔවුන්ගේ යහපත් කල්ක්‍රියා මත සිර දඬුවම් අඩුකර ක්‍රමවේදයකට යාමටත්, ඔවුන්ගේ දඬුවම් කාලය තුළ යහපත් කල්ක්‍රියාවෙන් යෙදෙනවා නං ඒ සඳහා ද ඔවුන්ට අවස්ථාව සලසා දීමට හැකි බවයි ඔහු කියා සිටියේ.

එහිදී සිරකරුවන්ගේ පාර්ශවය වෙනුවෙන් සිරකරුවන්ට මේ වන විට පවතින ගැටලු පිළිබඳව අදහස් දැක්වූ අතර එම සිරකරුවන් විශේෂයෙන්ම සඳහන් කලේ අභියාචනාවන් ඉදිරිපත් කිරීමේදී සිදුවන ප්‍රමාදයන් පිළිබඳව, යහපත් කල්ක්‍රියාවෙන් යුතුව සිරදඩුවම් විඳින සිරකරුවන් සඳහා දඬුවම් අඩුකරගැනීම, පුනරුත්ථාපන ක්‍රමවේදය නිසිලෙස ක්‍රියාත්මක කිරීම සහ පොදු සමාව ලබාදීමේදී සියළුම සිරකරුවන් සඳහා එකම ක්‍රමවේදයක් ඇති කිරීම සහ සිරකරුවන් පිළිබඳව සහ ඔවුගේ පවුල් සම්බන්ධයෙන් සොයාබැලීම සඳහා ක්‍රමවේදයක් සකසාදීම ආදී සිරකරුවන්ට බලපාන කරුණූ කිහිපයක් පිළිබඳවය. 

සිරකරැවන්ගේ ගැටලු හා ප්‍රශ්නවලට සවන් දුන් අමාත්‍යතුමා සඳහන් කලේ දිගින් දිගටම වැරදි සිදුකරන මිනිසුන් මෙන්ම ජීවිතයේ එක් වතාවක් වැරදි කරන පුද්ගලයින්ද සිටින අතර එම වැරදි නිවැරදි කර ගැනීමට එක් අවස්ථාවක් සලසා දියයුතු බවත් ඒ සම්බන්ධයෙන් අවශ්‍ය කටයුතු අතිගරු ජනාධිපතිතුමාගේ උපදෙස් මත මෙම ගැටලු සඳහා ලබාදිය යුතු විසඳුම් කඩිනමින් ක්‍රියාත්මක කිරීමට කටයුතු කරන බවද ඒ සඳහා අවශ්‍ය කටයුතු සලසා දීමට අද දින සිටම ක්‍රියාත්මක වන බවත් එසේ අවශ්‍ය කටයුතු සලසා දෙන තෙක් මෙම උපවාසය අත්හැරීමට කටයුතු කරන ලෙසත්ය.

බන්ධනාගාර රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ මහතා පසුගියදා බන්ධනාගාර සිර කරුවන්ට මරණ තර්ජනය කිරීම සම්බන්ධයෙන් විධිමත් පුළුල් පරීක්ෂණයක් මේ වන විට ආරම්භ කර ඇති බව ද ඔහු වැඩිදුරටත් කියා සිටියා.

මෙම අවස්ථාවට බන්ධනාගාර කළමනාකරණ හා සිරකරුවන් පුනරුත්ථාපනය කටයුතු රාජ්‍ය අමාත්‍යාංශයේ ලේකම් විශ්‍රාමික මේජර් ජනරාල් වී.ආර්.සිල්වා මහතා , බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙණිය මහතා ඇතුළු බන්ධනාගාර නිලධාරීන් පිරිසක් එක්විය

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles