Sunday, September 22, 2024

විරෝධය පිටුපස ඉන්නෙ මෛත්‍රී,පරාක්‍රම සමුද්‍ර මංතීරුව අනිවාර්යයෙන් හදනවා – රොෂාන් රණසිංහ

පරාක්‍රම සමුද්‍රය ඇවිදින මංතීරුව ස්ථිර ලෙසම ඉදිකරන බව රාජ්‍ය අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා සහතික කරනවා.

එම කටයුත්තට ප්‍රදේශයේ ස්වාමීන් වහන්සේලා හා ගොවි සංවිධාන කිහිපයක් විරුද්ධ වී ඇති බවද පෙන්වා දෙන රාජ්‍ය අමාත්‍යවරයා ඉදිරියේදී මුළු පොළොන්නරුව දිස්ත්‍රික්කයේම භික්ෂූන් වහන්සේලාගේ ආශිර්වාදය මත මෙය යළි ආරම්භ කරන බවයි සඳහන් කරන්නේ.

හිටපු ජනපතිගේ මැදිහත්වීම

මේ ව්‍යාපෘතියට විරෝධය දක්වන ස්වාමීන් වහන්සේලා හිටපු ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතාට හිතවත් අය බවත් රණසිංහ මහතා හෙළිදරව් කරනවා.

එහෙත් හිටපු ජනපතිවරයා තමාට කතා කොට “රොෂාන් මේ කරන වැඩේ හොඳ” බව සඳහන් කළ බව හෙළි කරන රාජ්‍ය අමාත්‍යවරයා එහෙත් හිටපු ජනපතිවරයා මාධ්‍ය අමතා වෙනත් කතාවක් කිවූ බවටයි චෝදනා කරන්නේ.

තමන් පොලොන්නරුවට සියලු දේ කර තිබෙන බැවින් දැන් රොෂාන් රණසිංහට කිරීමට කිසිම දෙයක් ඉතිරිව නැති බව සිතන ඇතැම් දේශපාලනඥයන්ද සිටින බවයි රාජ්‍ය අමාත්‍යවරයා අනාවරණය කරන්නේ.

බහු විධ ව්‍යාපෘතියක්

මෙය ඇවිදින මං තීරුවක්ම පමණක් නොව පරාක්‍රම සමුද්‍රය ආශ්‍රිතව නිදහස් සුව විඳීමට පැමිණෙන අති විශාල ජනතාවටද ප්‍රයෝජනවත් වන ආකාරයට සකස් කරන බවද පෙන්වා දෙනවා.

මේ සම්බන්ධයෙන් මෙම ව්‍යාපෘතිය ආරම්භ කිරීමට පෙර මහා සංඝරත්නය සමග සාකච්ඡා නොකිරීම වැරැද්දක් බවත් රාජ්‍ය අමාත්‍යවරයා පිලිගන්නවා.

රාජ්‍ය අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේ හිරු රූපවාහිනියේ වැඩ සටහනකට එක්වෙමින්.

මේ අතර පොළොන්නරු දිස්ත්‍රික්කයේ මහා සංඝයා වහන්සේ පිරිසක් මෙම ව්‍යාපෘතියට එරෙහිව සකස් කරන ලද ලියවිල්ලක් කොළඹට පැමිණ පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන්ට සහ පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමියන්ට බාර දුන්නා.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles