විල්පත්තු ජාතික වනෝද්‍යානයට උතුරින් පිහිටි වන රක්ෂිත විනාශ කර අලුතින් ජනාවාස ඇති කළ බව සත්‍යයක් බවත් දේශපාලන උවමනාවන් මත අලුතින් ජනාවාස පිහිටුවීම හා ඉඩම් අත්පත් කර ගැනීම සිදු කර ඇති බව පැහැදිලිව සාධක සහිතව ඔප්පු කර තිබියදී වැරදි මතයක් සමාජ ගත කිරීමට හා වන රක්ෂිත විනාශ කිරීම සාධාරනීකරණය කිරීමට රිෂාඩ් බදියුර්දීන් අමාත්‍යවරයා ප‍්‍රමුඛ සංවිධානාත්මක පිරිසක් විසින් උත්සාහ දැරීම දැඩි පිළිකුලෙන් යුතු ව හෙළා දකින බවත් පරිසර සංරක්ෂණ භාරයේ සජීව චාමිකර මහතා සඳහන් කරයි.
විල්පත්තු ජාතික වනෝද්‍යානයට උතුරින් පිහිටි මරිච්චුකඩ්ඩි – කරඩික්කුලි වන රක්ෂිතයේ අක්කර 2500ක්, විලත්තිකුලම් වන රක්ෂිතයේ අක්කර 700 ක්, වේප්පාල් වන රක්ෂිතයේ අක්කර 100ක් හා මාවිල්ලු වන රක්ෂිතයේ අක්කර 100ක් වශයෙන් වන රක්ෂිත හතරට අයත් වනාන්තර අක්කර 3400ක් පමණ නීතිවිරෝධී ලෙස එළි පෙහෙළි කර දේශපාලන උවමනාවන් මත අලුතින් ජනාවාස පිහිටුවීම සිදු වන බවත් සජීව චාමිකර මහතා සඳහන් කරයි.
“විල්පත්තු ජාතික වනෝද්‍යානයට උතුරින් පිහිටි වන රක්ෂිත විනාශ කර අලුතින් ජනාවාස ඇති කළ බව සත්‍යයකි“ යනුවෙන් සජීව චාමිකර මහතා විසින් සම්පිණ්ඩනය කළ ලිපියකින් ඒ මහතා මේ බව සනාත කර සිටියි.