Sunday, September 22, 2024

විලියම් ෂේක්ස්පියර්ට කොවිඩ් එන්නත

කොවිඩ්-19 ට එරෙහිව මෙතෙක් නිපදවන ලද එන්නත් අතුරින් සායනිකව සාර්ථක ප්‍රතිඵල අත්පත් කරගෙන ඇති බවට තහවුරු වී ඇති Pfizer/BioNTech එන්නත ඊයේ (08) දින සිට එක්සත් ජනපදය තුළ ලබා දීමට පියවර ගැනුණි. මාග්‍රට් කීනන් නම් 91 හැවිරිදි කාන්තාව මෙම එන්නත ලබා ගත් පළමු පුද්ගලයා ලෙසින් ඉතිහාස ගත වුවද, දෙවැනියට එන්නත ලබා ගත් පුද්ගලයා පිළිබඳව මේ වන විට ලොව පුරා වැඩි වශයෙන් කතාබහට ලක්වෙමින් ඇත. ඊට හේතුව වන්නේ ඔහුගේ නමයි.

University Hospital Coventry හිදී මෙම එන්නත ලබා ගත් දෙවැනි පුද්ගලයා වන්නේ වොවික්ෂයර් හි පදිංචිකරුවකු වන 81 හැවිරිදි විලියම් ෂේක්ස්පියර් නම් අයෙකි. නම කියූ පමණින් ඔහු මාතෘකාවක් බවට පත්වූයේ කෙසේද යන්න අමුතුවෙන් කිව යුතු නොවේ.

Pfizer/BioNTech කොවිඩ් එන්නත එක්සත් ජනපදයේ වයස අවුරුදු 80ට වැඩි පුද්ගලයින් වෙත මුලින්ම ලබා දීමට තීරණය කර ඇති අතර රෝහල් ගත කර ඇති හෝ බාහිර වශයෙන් ප්‍රතිකාර ලබන පුද්ගලයින් වෙනුවෙන් මාත්‍රා 800,000 ක් මුදා හැරීමට සැලසුම් කර තිබේ. ada derana

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles