Thursday, January 23, 2025

නිරෑපමාට විවාහයෙන් ලැබෙන දේවල් වලට අපි මොනවා කරන්නද..? – ඥාතිකම වෙනස්,දේශපාලනය වෙනස් – නාමල්

පැන්ඩෝරා පත්‍රිකාවල සඳහන් ආකාරයට නිරූපමා රාජපක්ෂ හා තිරුකුමාර් නඩේෂන් මුදල් රැස්කර ඇත්තේ 1990 හා 1998 අතර කාලය තුළ බව අමාත්‍ය නාමල් රාජපක්ෂ පවසනවා. ඒ අනුව ඒ සම්බන්ධයෙන් විමසිය යුත්තේ හිටපු ජනපතිවරුන් වන රණසිංහ ප්‍රේමදාස හා චන්ද්‍රිකා බණ්ඩාරනායකගෙන් බවයි අමාත්‍යවරයා සඳහන් කළේ. නිරූපමා රාජපක්ෂ තමන්ගේ සහෝදරියක් වුවද දේශපාලනිව ඇය සිටියේ හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සමඟ බවත් ඥාතිකම හා දේශපාලනය වෙනස් බවද නාමල් රාජපක්ෂ අමාත්‍යවරයා ප්‍රකාශ කළා. නිරූපමා රාජපක්ෂ විවහා වී සිටින්නේ තිරුකුමාර් නඩේෂන් සමඟ බවත් විවාහයෙන් ලැබෙන දේවල් සඳහා කුමක් කරන්නදැයි මෙහිදී අමාත්‍ය නාමල් රාජපක්ෂ වැඩිදුරටත් සඳහන් කළා.

”නිරූපමා රාජපක්ෂ මහත්මිය මගේ සහෝදරිය වෙන්නේ, ඒ වගේම දේශපාලනමය වශයෙන් එතුමිය පහුගිය ආණ්ඩුව වෙලාවෙ හිටියෙ, සිරිසේන ජනාධිපතිතුමා එක්ක..ඉතින් ඥාතිකම වෙනස් දේශපාලනය වෙනස් ඒ එක්කම එතුමිය විවාහ වෙලා ඉන්නෙ තිරු නඩේෂන් කියන මහත්මයා එක්ක. ඉතින් විවාහයෙන් ලැබනෙ දේවල් පිළිබඳව අපි මොනවා කරන්න ද?”

අමාත්‍යවරයා ඊයේ (06) මෙම අදහස් පළ කළේ, පැන්ඩෝරා පත්‍රිකාවල නිරූපමා රාජපක් මහත්මියගේ නම සඳහන්වීම සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් අමාත්‍යවරයාගෙන් කළ ප්‍රශ්නවලට පිළිතුරු ලෙසයි.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles