Saturday, January 11, 2025

විවිධ හේතු මත වැඩ තහනමට ලක්වන බන්ධනාගාර නිලධාරීන් ගැන අලුත් තීරණයක් ගනී

විවිධ හේතු මත වැඩ තහනමට ලක්වන බන්ධනාගාර නිලධාරීන් සම්බන්ධයෙන් සිදුකරන විනය පරීක්ෂණ හෝ අධිකරණ කටයුතු අවසන් වන තෙක් ඔවුන් නැවත සේවයේ පිහිටුවීම පිළිබදව සලකා නොබැලීමට බන්ධනාගාර දෙපාර්තමේන්තුව තීරණය කර තිබේ.

මෙම නිලධාරින් තවදුරටත් සේවයේ තබාගැනිම බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ යහපැවැත්මට හානිකර වන බැවින් මේ පිළිබදව දැඩිව අවධානය යොමු කිරීමටත් එවන් නිලධාරින් වරදකරුවන් වන්නේ නම් සේවයෙන් පහ කිරිමට හෝ දැඩි දඩුවම් ලබාදීමටත් කටයුතු කරන බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව සඳහන් කළේය.

විවිධ දුෂණ ක්‍රියා සම්බන්ධව සහ සිරකරුවන්ට වද හිංසා කිරිම් හෝ පහරදීම් සිදුකරන නිළධාරින් සම්බන්ධයෙන් මෙම පියවර අනුගමනය කිරීමට නියමිතයි.

මේ පිළිබදව බන්ධනාගාර කොමසාරිස් ජනරාල් විසින් සියඑම අධිකාරිවරුන් වෙත දන්වා නිළධාරින් දැනුවත් කිරිමටද කටයුතු කර තිබෙනවා.

මේ අතර බන්ධනාගාර රැදවියන් හා ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන්ට නිතිවිරෝධි කටයුතු පිළිබදව දැනුම් දිමට විශේෂ දුරකථන අංකයක් ද ලබා දි ඇතැයි බන්ධනාගාර දෙපාර්තමේන්තුව සඳහන් කළා.

එම දුරකථන අංකය – 0112 678 600

මෙම අංකය වෙත ලබා දෙන තොරතුරු වල රහස්‍යභාවය රැකිමට ද කටයුතු කරන බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව කියාසිටියා.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles