Thursday, December 26, 2024

විවෘත ලේඛන (Open Papers) සහිතව රිය පදවා අසුවුනොත් වැඩ වරදී…

විවෘත ලේඛන ( Open papers ) ලඟ තබාගෙන වාහන ධාවනය කරන්නන් ඒ මොහොතේම අත් අඩංගුවට ගන්නා බව නියෝජ්‍ය පොලිස්පති (රථවාහන) අමරසිරි සේනාරත්න මහතා පවසනවා.

බොහෝ වාහනවල ආදායම් බලපත්‍රය තිබෙන අයගේ නමට රක්ෂණ සහතිකය නොමැති බැවින් අනතුරුවලදී නොයෙක් ගැටලුවලට මුහුණපෑමට සිදුවන නිසා වාහනයේ අයිතිකරුගේ නමට රක්ෂණ සහතිකය තිබිය යුතු යයි පැවසෙනවා.

එම හේතුවෙන් කිසියම් අපරාධයක්, කොල්ලයක් සිදුවූ විට හසුවන්නේ වාහනයේ ලියාපදිංචි අයිතිකරුය.

කුමන අයෙකු වාහනය පැදවූවත් වාහනයේ අයිතිකරු අනිවාර්යයෙන්ම කොටුවන බැවින් තමන් වාහනයක් අලෙවි කළ විට එය මෝටර් රථ‍ දෙපාර්තමේන්තුවට දැන්විය යුතු වනවා.

ඒ අනුව විවෘත ලේඛන සහිතව රිය පදවා හසුවුවහොත් ඒ මොහොතේම අත්අඩංගුවට ගන්නා අතර වාහනයක් මිලදී ගත් අයකු දින 30ක් ඇතුළත ලියාපදිංචි නොකළහොත් ඔහුද වරදකරුවකු වන බව රථ වාහන නියෝජ්‍ය පොලිස් පති පවසනවා.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles