Friday, January 10, 2025

විශ්වවිද්‍යාලවලට බඳවා ගන්නා ශිෂ්‍ය සංඛ්‍යාව ඉහළ දැමීමට අවධානය

2019 අ.පො.ස උසස්පෙළ විභාගයේ පැරණි සහ නව නිර්දේශ කඩඉම් ලකුණු මට්ටම් දෙකකින් විශ්වවිද්‍යාලවලට ශිෂ්‍යයන් තෝරාගැනීම නිසා මතු වී ඇති ගැටලුව විසඳීම, බඳවා ගැනීම් පටිපාටියට හා පවත්නා නීති රීතිවලට අනුකූලව ගැටලු පවතින ශිෂ්‍යයන්ගේ ඉල්ලීම් සපුරාලන පරිදි සිදුකිරීමට විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව තීරණය කර තිබේ.

ඒ අනුව, ශිෂ්‍යයන් ඉදිරිපත් කර ඇති අභියාචනා අධ්‍යයනය කර, අභියාචනා මණ්ඩලය විසින් නිර්දේශ කරන අමතර ශිෂ්‍ය සංඛ්‍යාව, විශ්වවිද්‍යාලවලට බඳවාගැනිම සඳහා අවශ්‍ය පියවර කඩිනමින් ගන්නා බව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති මහාචාර්ය සම්පත් අමරතුංග මහතා ඊයේ (26)  අග්‍රාමාත්‍ය ලේකම්ගේ ප්‍රධානත්වයෙන් අරලියගහ මන්දිරයේ පැවති සාකච්ඡාවේදී ප්‍රකාශ කර ඇත.

විශ්වවිද්‍යාලවලට මෙම වර්ෂයේදී අමතර ශිෂ්‍යයින් 10,000ක් පමණ වැඩිපුර බඳවා ගත් බවත්, එය විශ්වවිද්‍යාල ඉතිහාසයේ නොමැකෙන සුවිශේෂී ජයග්‍රහණයක් බවත්, එම ශිෂ්‍යයන් සංඛ්‍යාව මෙම තීරණය තුළින් තවදුරටත් ඉහළ යන බවත් අග්‍රාමාත්‍ය කාර්යාලය නිකුත්කළ  නිවේදනයේ සඳහන් වේ.

අමතරව බඳවාගැනීමට අපේක්ෂිත ශිෂ්‍ය සංඛ්‍යාව පිළිබඳ සංඛ්‍යාත්මක තොරතුරු එළඹෙන පෙබරවාරි මස 8 වනදා ප්‍රකාශයට පත්කරන අතර ඒ සඳහා අවශ්‍ය විශ්වවිද්‍යාලවල පහසුකම්, අමතර ප්‍රතිපාදන ආදී කරුණු අධ්‍යයනය කරමින් සිටින බවත්, ඒ සම්බන්ධව මහා භාණ්ඩාගාරය හා විශ්වවිද්‍යාල උප කුලපතිවරුන් සමඟ සාකච්ඡා කරන බවත් සම්පත් අමරතුංග මහතා එහිදී පවසා ඇත.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles