විශ්වවිද්‍යාල ප්‍රවේශය ඔන්ලයින් ක්‍රමයට අද සිට

0
462

විශ්වවිද්‍යාල ප්‍රවේශය සඳහා ඔන්ලයින් ක්‍රමයට අයදුම්පත්‍ර යොමු කිරීමේ කටයුතු අද ආරම්භ වේ.

විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම පැවසුවේ, www.ugc.ac.lk වෙබ් අඩවිය ඔස්සේ අද සිට විශ්වවිද්‍යාල ප්‍රවේශය සඳහා අයදුම්පත්‍ර යොමු කළ හැකි බව ය.

එහි සභාපති මහාචාර්ය මොහාන්ද සිල්වා සඳහන් කළේ ඒ සඳහා වන අත්පොත ද මේ වන විට නිකුත් කර ඇති බවයි.

අත්පොත ලබා ගැනීමෙන් පසුව ඒ පිළිබඳ නිසි දැනුමක් ලබා ප්‍රදේශයේ නැණසල වෙත ගොස් ඔන්ලයින් ක්‍රමයට විශ්වවිද්‍යාල ප්‍රවේශය සදහා අයදුම්පත්‍ර යොමු කළ හැකි බව ද ඔහු සඳහන් කළේ ය.  dinamina

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here