නව කොරෝනා වෛරස් ප්‍රභේදයෙන් බලපෑමක් ඇති නොවුණහොත් ජනවාරි මාසයේදී අධ්‍යයන කටයුතු සඳහා විශ්වවිද්‍යාලවල සියලු සිසුන් කැඳවන බව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව සඳහන් කරනවා.
දැනටමත් සිසුන් 25%ක් විශ්වවිද්‍යාල සඳහා කැඳවා ඇති බව එහි සභාපති මහචාර්ය සම්පත් අමරතුංග මහතා සඳහන් කළා.
ඇතැම් විශ්වවිද්‍යාලවල නේවාසිකාගාරවල සිසුන් 3,000 ඉක්මවා සිටිම හේතුවෙන් සම්පූර්ණයෙන්ම විශ්වවිද්‍යාල විවෘත කිරීමෙන් පසු කොරෝනා වැළඳීමේ අවදානමක් පැන නගින බව ද සභාපතිවරයා සඳහන් කළා.