Sunday, September 22, 2024

විශ්ව විද්‍යාල ප්‍රවේශය සඳහා තවත් අවස්ථාවක්…!

2020 වසරේ උසස් පෙළ විභායට පෙනී සිට විශ්ව විද්‍යාල ප්‍රවේශය සදහා අයදුම් කිරීමට සිසුන්ට ලබාදුන් කාලය නැවත දීර්ඝ කර තිබෙනවා. විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව පැවසුවේ  ලබන 26 වනදායි අවසන් වීමට තිබූ එම කාලය ලබන 30 වනදා දක්වා දීර්ඝ කළ බවයි. රට තුළ පවතින කොරෝනා වසංගත තත්ත්වය සැලකිල්ලට ගනිමින් විශ්ව විද්‍යාල ප්‍රවේශය සදහා අයදුම් කිරීමට තිබූ කාලය එලෙස දිර්ඝ කළ බවයි.

මේ අතර සම්පූර්ණ කරන ලද අයදුම්පතේ පිටපතක් ලබාගෙන සිසුන් එහි අත්සන යොදා [email protected] යන විද්්‍යුත් ලිපිනයට එය නැවත එවිය යුතු බවයි විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව සදහන් කළේ. ඒ සදහාද ලබන 31 වනදා සිට අගෝස්තු 14 වනදා දක්වා සිසුන්ට අවස්ථාව හිමි වනවා.

තමන් විසින් සදහන් කළ විශ්ව විද්‍යාල අනුපිළිවෙල වෙනස් කිරීමට හෝ පාඨමාලා තොරතුරුවල අනුපිළිවෙල වෙනස් කිරීමට අවශ්‍ය වන්නේ නම් එම කාලය තුළ හැකියි. කෙසේවෙතත් මේ වනවිට අයදුම්පත් යොමුකර අවසන් සිසුන් එම අවස්ථාව හිමි වන්නේ නැහැ. මෙම අවස්ථාවන් හිමිවන්නේ කුමන හෝ හේතුවක් මත සිය අයදුම්පත යොමු කිරීමට නොහැකි වූ සිසුන්ට පමණක් බවයි විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව වැඩිදුරටත් සදහන් කළේ.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles