විශ්ව විද්‍යාල සිසුන්ට සරසවි තුළම එන්නත්

0
263

දිවයිනේ සියලුම විශ්ව විද්‍යාල සිසුන්ට එළැඹෙන 07 සහ 08 යන දෙදින තුළ විශ්ව විද්‍යාල පරිශ්‍රයන් තුළදී කොවිඩ් මර්දන එන්නත් ලබගැනීමේ හැකියාව පවතින බව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව නිවේදනය කරනවා.

ඒ අනුව එම දිනවලදී තමන්ගේ පදිංචියට ආසන්න විශ්ව විද්‍යාලයේ දී සිසුන්ට එන්නත ලබා ගැනීමට හැකි වන අතර විශ්ව විද්‍යාල හැඳුනුම්පත ඉදිරිපත් කිරීම පමණක් ප්‍රමාණවත් වන බව නිවේදනයේ සඳහන්.

කිසිඳු හේතුවක් මත තමන්ට අදාළ විශ්ව විද්‍යාලයට පැමිණීමේ අවශ්‍යතාවක් නැතැයි ද මෙම දින දෙකේ දී එන්නත ලබා දී අවසන් කිරීමට සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා එකඟතාව පළ කර ඇතැයි ද ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති මහාචාර්ය සම්පත් අමරතුංග මහතා ප්‍රකාශ කළා.

එන්නත ලබා දීමෙන් පසු නොවැම්බර් මාසයේ දී විශ්වවිද්‍යාල විවෘත කිරීමට කොමිෂන් සභාව මේ වන විට සියලු කටයුතු සූදානම් කර තිබෙනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here