Friday, September 20, 2024

විශ්‍රාමිකයින්ගේ විශ්‍රාම වැටුප කොල්ල කෑමට ආණ්ඩුවේ තැතක්

රටේ විශ්‍රාමිකයින්ගේ විශ්‍රාම වැටුප අන්තනෝමතික ලෙස කොල්ලකෑමට ආණ්ඩුව තීරණය කර ඇතැයි, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසයි.

ඔහු මේ අදහස් පළ කළේ, ඊයේ පස්වරුවේ නැදිගම්විල රාජමහා විහාරයට ගොස්, අමරපුර සිරි සද්ධම්ම යුත්තික මහා නිකායේ අනුනායක අතිපූජ්‍ය උයන්වත්තේ සද්ධාරාම හිමියන් බැහැදැක ආශිර්වාද ලබාගැනීමෙන් අනතුරුවයි.

විපක්ෂ නායකවරයා පවසන්නේ, ලක්ෂ සංඛ්‍යාත විශ්‍රාමිකයන්ගේ විශ්‍රාමික දීමනාව ක්‍රමෝපායිකව කප්පාදු කිරීමේ කූට වැඩපිළිවෙලක් දියත් කර ඇති බවයි. ‍

විශ්‍රාමිකයන්ගේ මුදල් අග්‍රහාර රක්ෂණයට බැර කරන මුවාවෙන් මෙලෙස මුදල් කපා ගැනීමට නියමිත අතර මේ මුදල් කපා ගැනීම සම්බන්ධයෙන් සති දෙකක් ඇතුළත විශ්‍රාමික ප්‍රජාව ගෙන් කැමැත්ත අකමැත්ත විමසා ඊට ප්‍රතිචාර නොදක්වන්නේ නම් ඒකාන්ත වශයෙන්ම එම මුදල් කපා ගැනීමට ආණ්ඩුව කටයුතු කරමින් සිටින බවද විපක්ෂ නායකවරයා පැහැදිලි කළේය.

ආණ්ඩුව පැමිනි විගසම ධන කුවේරයින්ට කෝටි ප්‍රකෝටි ගණන් බදු සහන ලබාදෙමින් රාජ්‍ය ආදායම නැත්තටම නැති කරගත් ආණ්ඩුව ඒ සිදුවුනු පාඩුව පියවා ගන්නට හදන්නේ මේ රට වෙනුවෙන් වසර ගණනාවක් තිස්සේ තමන්ගේ දහඩිය මහන්සිය සහ බුද්ධිය කැප කරමින් රාජ්‍ය සේවය කළ විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ පුරවැසියන් ගෙන් බව පැවසූ සජිත් ප්‍රෙමදාස, මේ මෘග්ධ ක්‍රියාවලියට එරෙහිව කොන්දේසි විරහිතව කටයුතු කරන බවද පැවසීය.

”වයස අවුරුදු 70ට වැඩි අයගෙන් 600 ක් කපාගන්නට වයස අවුරුදු 70ට අඩු අයිතීන් රුපියල් 400 කපාගන්න අලුත් චක්‍රලේඛයක් ඔක්තෝබර් 29 වැනිදා මේ වසරේ ප්‍රකාශයට පත් කරලා තියනවා..”

විශ්‍රාමිකයාට දැනුම්දීලා නෙවෙයි මේ මුදල කපාගන්නේ. සිදුවිය යුතුව තිබුණද ඒ අදාළ විශ්‍රාමිකයින්ගේ මූලිකව අනුමැතිය ගත යුතුයි, සති දෙකක් තුළ විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුවට දැනුවත් කිරීමක් නොකළොත් තමන්ගේ විරෝධතාවය පිළිබඳව ආපසු හරවන්නට බැරි විශ්‍රාම වැටුප් දීමනා කප්පාදුව හැටියට මේක ඉදිරියට යනවා. මේ රටේ විශ්‍රාමික ප්‍රජාවට මං පැහැදිලිව කියන්න ඕන කරුණා කරලා මේ ඇස් බැන්ඳුම??? ක්‍රියාවලියට ඔබ සියලු දෙනා අවදිව කටයුතු කරන්න. කොලේ වහලා කප්පාදු කරන වැඩපිළිවෙළට වහා නතර කරන්න එසේ නොකර හොත් අපි අනිවාර්යෙන්ම විශ්‍රාමික ප්‍රජාව වෙනුවෙන් මහ පාරට බහිනවා. කියන එක මේ අවස්ථාවේ ආණ්ඩුවට කියන්න කැමතියි”

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles