Thursday, January 23, 2025

විශ්‍රාම වැටුපයි ලක්ෂ හතරක පඩියයි දෙකම ගන්න කබ්රාල්

සිය දෙවන ධූර කාලය ගෙවමින් සිටින අජිත් නිවාඩ් කබ්රාල් ඇතුළු වත්මන් සහ හිටපු අධිපතිවරුන් සඳහා අලුතින් අනුමත කරන ලද හිඟ විශ්‍රාම වැටුප් සඳහා ශ්‍රී ලංකා මහ බැංකුව විසින් රුපියල් මිලියන 7 ක මුදලක් ලබා දී ඇති බව නිල ආරංචි මාර්ග මගින් පවසන බව ද සන්ඩේ ටයිම්ස් වාර්තා කරනවා.

අජිත් නිවාඩ් කබ්රාල් මහතා ඔහු මීට පෙර අධිපති ධුරය හෙබවූ කාලයේ ලබාගත් වැටුපෙන් සියයට 74ක් විශ්‍රාම වැටුපක් ලෙසත් මසකට රුපියල් 400,000ක් වත්මන් වැටුප ලෙසද ලබමින් සිටී. ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතා ලැබූ වැටුපට වඩා රුපියල් 150,000ක මාසික වැටුපක් කබ්රාල් මහතා ලබාගනිමින් සිටියි. එමෙන්ම බැඳුම්කර වංචා චෝදනා මත මහ බැංකුවෙන් ඉවත් වූ අර්ජුන මහේන්ද්‍රන්ගේ මසක වැටුප රුපියල් 70,000ක් වූ අතර ඔහු නව විශ්‍රාම වැටුප් ක්‍රමයෙන් ඉවත් කර තිබේ.

වත්මන් මහබැංකු අධිපතිවරයා ලෙස ඔහුට හිමි වැටුප රුපියල් ලක්ෂ හතරකි.මෙවර මහබැංකු අධිපති ධුරයෙන් ඔහු විශ‍්‍රාම ගත් පසුව, ඔහුගේ විශ‍්‍රාම වැටුප ගණන් බලන්නේ දැන් ඔහු ලබා ගන්නා ලක්ෂ හතරක මාසික වැටුපට අදාළව වීම විශේෂයක්.

ඒ අනුව 2021 සැප්තැම්බර් මාසයේදී මහබැංකු අධිපති ලෙස වැඩ භාරගත් කබ්රාල් මහතාට නව වැටුප පදනම් කරගෙන ඔහුගේ මීළඟ විශ්‍රාම වැටුප ලැබෙනු ඇති.

ඔහුගේ පත්වීමට ඉඩ සලස්වමින් විශ්‍රාම යාමට සැලැස්වූ ඩබ්ලිව්.ඩී.ලක්ෂ්මන් මහතා මහ බැංකුවේ වසර දෙකක් පමණක් සේවය කර ජීවිතාන්තය දක්වා විශ්‍රාම වැටුපක් ද ලබනවා.

මහබැංකු අධිපති ලෙස කටයුතු කළ පළමු ධුර කාලය අවසන් කළ දිනයේ සිට නැවත මහබැංකු අධිපති ලෙස පත්වීම භාර ගත් 2021 වසර දක්වා ලැබිය යුතු ව තිබූ හිඟ විශ‍්‍රාම වැටුපෙන් වැඩි ප‍්‍රමාණයක් මේ වන විටත් ඔහු විසින් ලබාගෙන ඇති බවද වාර්තා වෙනවා.

ශ්‍රී ලංකා මහ බැංකුව (CBSL) සිය දෙවන ධුර කාලය තුළ සිටින අජිත් නිවාඩ් කබ්රාල් ඇතුළු වත්මන් සහ හිටපු අධිපතිවරුන් සඳහා අලුතින් අනුමත කරන ලද හිඟ විශ්‍රාම වැටුප් සඳහා රුපියල් මිලියන 7 ක මුදලක් ලබා දී ඇති බව ආරංචි මාර්ග පවසන බවයි මාධ්‍ය පෙන්වා දෙන්නේ.

1998 වන තෙක්, ආණ්ඩුකාරවරුන් ඇතුළු සියලුම මහ බැංකුවේ සේවකයින් සහ රාජ්‍ය බැංකු සේවකයින් විශ්‍රාම වැටුප් සඳහා සුදුසුකම් ලබා තිබෙනවා. එම වසරේදී රජය විසින් නව සේවකයින් සඳහා විශ්‍රාම වැටුප් අත්හිටුවන ලද අතර දැනටමත් සුදුසුකම් ලබා ඇතැයි සැලකෙන අය සඳහා එය පවත්වා ගෙන යන ලැබෙනවා.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles