Saturday, September 21, 2024

විශාල පරිසර හානියක් සිදු කරමින් දුම්රිය මග හබරණට ?

විශාල පරිසර හානියක් හා ආර්ථික හානියක් සිදු කරමින් දඹුල්ල සිට හබරණ දක්වා දුම්රිය මාර්ගය දීර්ඝ කිරීමේ කටයුත්තකට දුම්රිය දෙපාර්තමේන්තුව හා ප්‍රවාහන අමාත්‍යාංශය යොමු වී ඇති බවට ඉතා විශ්වාස කටයුතු ආරංචි මාර්ගවලින් අප වෙත වාර්තා වෙයි.

මෙය ශ්‍රීලංකාවේ ස්වාභාවික පරිසරයට මෙන්ම අනාගතයේදී පාරිසරික ප්‍රශ්න රාශියකට අත වැනීමක් බව පරිසරවේදීන්ගේ මතයයි.මෙම දුම්රිය මාර්ගය දීර්ඝ කිරීමට සැලසුම් කර ඇත්තේ සීගිරියට නුදුරුව ඇති අවුදන්ගාව ගම්මානය හරහාය.මෙම අවුඩන්ගාව ප්‍රදේශයේ විශාල ලෙස වී ගොවිතැන,කෘෂිකාර්මික ඉඩම් මෙන්ම මහා පරිමාන ජලාශ 3 ක් හා කුඩා පරිමාන ජලාශ 8 ක් පිහිටා ඇත.මේ ගම්මානයේ ජනතාවගේ ජීවනෝපාය වන්නේ කෘෂිකර්මාන්තයයි.

මෙම දුම්රිය මාර්ගය දීර්ඝ කිරීමේ ප්‍රදේශයට ඉඩම් අක්කර 500 ක් 800ක්, වගා ඉඩම් 250 ක් 400 ක් ජලාශ 11 ක් නතුවන බැවින් මෙයින් විශාල ශබ්ද සහ වායු දුෂණයක් ඇතිවීමේ අවධානමක් සිදු වන බව පරිසරවේදීන්ගේ මතයයි.

මෙම ප්‍රදේශයේ පරිසර හිතකාමී සංචාරක නිවාඩු නිකේතන බොහොමයක් ඇති අතර ඒ මගින් සංචාරකයන් සඳහා විවේකීව සහ සන්සුන් ලෙස කාලය ගත කිරීමේ අවස්ථාව උදා වී ඇත.

මේ නිසා එලෙස සංචාරකයන් සඳහා ද එම අවස්ථාව අහිමි වී යෑමේ තර්ජනය හේතුවෙන් සංචාරක ව්‍යාපාරයටද මෙය බලපෑමක් වන බව ප්‍රදේශයේ නිවාඩු නිකේතන හිමිකරුවන්ගේද මතයයි.

දඹුල්ල සිට හබරණ දක්වා දුම්රිය මාර්ගය දීර්ඝ කිරීමේ කටයුත්තකට
ජාතික පරිසර දෙපාර්තමේන්තුව විසින් විවේචනය කර තිබුණත් ඔවුන් නිසි ක්‍රියා මාර්ගයක් ගෙන නොතිබුණි.

Related Articles

2 COMMENTS

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles