Friday, September 20, 2024

විශාල පිරිසකට දිවි අහිමි කළ පස්සර බස් රථ අනතුරේ රියදුරු හදිස්සියේ මියයයි

බදුල්ල – ලුණුගල මාර්ගයේ පස්සර ප්‍රදේශයේ දී පසුගිය මාර්තු 20 වනදා අනතුරකට ලක්වූ බස් රථයේ රියදුරු මිය ගොස් තිබෙනවා. ඒ හදිසි හෘදයාබාධයක් හේතුවෙන්.

නිවසේදී හදිසියේ රෝගාතුරවූ ඔහු පළමුව බුත්තල රෝහලටත්, පසුව වැල්ලවාය රෝහලට ඇතුලත් කිරීමෙන් අනතුරුව මීට ටික කළකට පෙර මිය ගොස් ඇති බවයි වාර්තා වන්නේ.

ඔහුගේ අවසන් කටයුතු සිදුකර ඇත්තේ කොරෝනා ආසාදනය වී ඇත්දැයි පරීක්ෂාවකට ලක් කර එලෙස ආසාදිතයෙකු නොවන බව දැනගැනීමෙන් අනතුරුවයි. ලු‍ණුගල – බදුල්ල මාර්ගයේ පස්සර 13 කණුව ප්‍රදේශයේදී ප්‍රපාතයකට පෙරලී සිදුවූ එම බස් රථ අනතුරෙන් පුද්ගලයන් 14 දෙනෙකු ජීවිතක්ෂයට පත්වුණා.

ළමයින් පස් දෙනෙකු ද ඇතුළුව 33 දෙනෙකු අනතුරෙන් තුවාල ලැබූ අතර, කාන්තාවන් 13 දෙනෙකු ද ඊට අයත්. මේ අතර අනතුර සිදුවන අවස්ථාව වන විට බස් රථයේ සහ මාර්ග බලපත්‍රයේ හිමිකාරීත්වය දැරූ ව්‍යාපාරිකයා රක්ෂණ වන්දි ලබාගැනීමේ ගැටළුවකට මුහුණදී සිටිනවා.

ඒ, මීට පෙර මාර්ග බලපත්‍රය සහ බස් රථය හිමිව තිබූ පුද්ගලයාගේ නමට අනතුර සිදුවන අවස්ථාවේදී බස් රථයේ හිමිකාරත්වය පැවතීම හේතුවෙන්.

Gagana News

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles