දූෂණ මර්ධන කමිටුව හා එහි ලේකම් කාර්යාලය මගින් සිදුකරන ලදැයි කියන අක්‍රමිකතා සොයා බැලීමේ අරමුණින් යුක්තව පත් කළ විශේෂ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාවේ සාක්ෂි විමසීම ලබන සදුදා (28) උදෑසන 10.30 ට ආරම්භ කිරීමට නියමිතව තිඛෙනවා.
කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ පිහිටා ඇති විශේෂ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභා ශාලාවේදියි එය ආරම්භ කිරීමට නියමිතව ඇත්තේ.
1978 අංක 7 දරණ විශේෂ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභා පනතේ විධිවිධාන වලට අනුව මෙම කොමිෂන් සභාව පිහිටුවා තිබෙනවා.