විශේෂ වෙළඳ භාණ්ඩ හා සේවා බදු සංශෝධන පනත් කෙටුම්පතේ ඇතැම් වගන්ති ව්‍යවස්ථාවට පටහැනි බවට ශ්‍රේෂ්ඨාධිකරණය දැනුම්දී ඇති බව කථානායක මහින්ද යාපා අබේවර්ධන අද පාර්ලිමේන්තුවට ප්‍රකාශ කළා.
එම කෙටුම්පත සම්මත කිරීම සඳහා පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බහුතර ඡන්දයකට අමතරව ජනමත විචාරණයකට යොමුකළ යුතුව ඇතැයි කථානායකවරයා පවසා සිටියා.
කථානායකවරයා මේ බව සඳහන් කළේ, මෙම පනත් කෙටුම්පත සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණ තීරණය පාර්ලිමේන්තුවට දැනුම්දෙමිනි.
ඊට හේතුව එම පනතේ ඇති යම් යම් වගන්ති ව්‍යවස්ථාවට අනනුකූල වීම බව ද කථානායකවරයා වැඩිදුරටත් පැවසීය.
අද (22) පෙරවරු 10ට ආරම්භ වූ විශේෂ පාර්ලිමේන්තු විවාදයේ දී යි, කථානාය මහින්ද යාපා අබේවර්ධන විසින් මේ බව පාර්ලිමේන්තු සභාවට දැනුම් දුන්නේය.