Friday, November 15, 2024

විෂ එන්නත් නිසා TNA සීතල යුද්ධයක

පුනරුත්තාපනය වූ හිටපු එල්.ටී.ටී.ඊ. සාමාජිකයන් පිරිසක් හදිසියේ මියයාම හේතුවෙන් එ් පිළිබඳ අන්තර්ජාතික පරීක්ෂණයක් පැවැත්විය යුතු බවට උතුරු පළාත් සභා නියෝජිතයන් කිහිපදෙනෙකු පසුගියදා පැවසීය.

පුනරුත්තානය වූ හිටපු එල්.ටී.ටී.ඊ සාමාජිකයන් පිරිසකට විෂ එන්නත් කර ඇති බවටයි ඔවුන් පවසන්නේ.

එ් අතර ඉදිරියෙන්ම සිටි මන්තී‍්‍රවරුන් වූයේ පී. රවිහරන් සහ එම්. සිවාජිලිංගම් යන දෙදෙනාය.

කෙසේ වෙතත් එම පළාත් සභාව නියෝජනය කරන තවත් මන්තී‍්‍ර කණ්ඩායමක මතය වී ඇත්තේ මෙවැනි කථා ජනපි‍්‍රයත්වය උදෙසා සිදු කෙරෙන එ්වා බවටයි.

මෙම විෂ එන්නත් කිරීමක් සිදු කළා යැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් සොයා බැලීමට කමිටුවක් පත් කරන ලෙස උතුරු පළාත් ප‍්‍රධාන අමත්‍යවරයා අදාළ වගකිවයුතු පාර්ශ්වවලට දැනුම් දි ඇතත් මේ දක්වා එවැනි කමිටුවක්ද පත්කර නැහැ.

මේ අතර පුනරුත්තාපනය වූ එල්.ටී.ටී.ඊ. සාමාජිකයන් පවසන්නේ පුනරුත්තාපන කදවුරුවල දී එවැනි සිදුවීමකට මුහුණ දීමට සිදුනොවූ අතර යුද්ධ හමුදා සාමාජිකයින් සමග සතුටින් කටයුතු කළ බවයි.

පුනුරුත්ථාපනය ලැබූ හිටපු එල්.ටී.ටී.ඊ සාමාජිකයිගේ වෛද්‍ය වාර්තා කැඳවා ඇති අතර ඇතැම් සාමාජිකයින් එම වෛද්‍ය වාර්තා ද මේ වන තෙක් ලබාදී නොමැති බව සඳහන්ය.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles