විෂ කාබනික පොහොර රැගත් චීන නැව කළුතර මුහුදේ

0
414

විෂ කාබනික පොහොර තොගය රැගත් ‘හිපො ස්පි‍රට්’ නමැති චීන නෞකාව අද පස්වරුව වන විට කළුතරට නුදුරින් මුහුදේ යාත‍්‍රා කරමින් තිබිණි.

‘මැරීන් ට‍්‍රැෆික් ග්ලෝබල් ෂිප්’ නමැති ජාත්‍යන්තර සමුද්‍ර ගමනා ගමන වෙබ් අඩවියට අනුව ඒ බව තහවුරු විය.
වරින් වර චන්ද්‍රිකා සබදතා විසන්ධි කරමින් ශී‍්‍ර ලංකාව වටා යාත‍්‍ර කරමින් තිබෙන මෙම චීන විෂ පොහොර නැව ඊයේ ශී‍්‍ර ලංකාවේ බටහිර මුහුදු ප‍්‍රදේශය දෙසට යාත‍්‍රා කරමින් තිබිණි.
මෙම නෞකාවේ ඇති පොහොර ලබා ගැනීම ශී‍්‍ර ලංකාව විසින් ප‍්‍රතික්‍ෂෙප කළ දිනයේ සිටම එය මේ අන්දමට වරෙක ශී‍්‍ර ලංකාවෙන් ඈතට යමින්ද තවත් වරෙක ආසන්නයට පැමිණෙමින්ද මෙරට මුහුදු සීමාවේ යාත‍්‍රා කරමින් තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here