විසඳුම් දෙද්දීත් උද්ඝෝෂණ කිරීම දරුවන්ට හානියක්

0
298

ගුරුවරුන්ගේ ඉල්ලීම් අනුව ඔවුන් ලැබිය යුතු වැටුප් වැඩිකිරීම් අදියර දෙකකින් ලබා දීමට පොරොන්දු වී තිබියදීත් තවදුරටත් ඊට එරෙහිව උද්ඝෝෂණ කිරීමෙන් පෙනී යන්නේ ඔවුනට දරුවන්ගේ අධ්‍යාපනයේ වටිනාකම ගැන හරි හැටි අවබෝධයක් නැතිකම විය හැකි යැයි අගමැති මහින්ද රාජපක්‍ෂ මහතා  පැවසීය.

දරුවන්ගේ අධ්‍යාපනයේ වටිනාකම මිල කළ නොහැකි යැයි ද අගමැතිවරයා පැවසීය.

ගුරුවරුන්ගේ ඉල්ලීම් ආණ්ඩුව පැහැර නොහැරිය බවද කී අගමැතිවරයා ලබාදී ඇති විසඳුම් ප්‍රතික්‌ෂේප කරමින් විරෝධය පළකරන උදවිය අඩුම තරමින් රට අද මුහුණ පා තිබෙන තත්ත්වය පවා හරිහැටි අවබෝධ කරගෙන නැතැයි ද කීවේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here