Sunday, September 22, 2024

විස්සයි විස්ස ලෝක කුසලානය අදින් ඇරඹේ !

විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලිය, සුපර් ලීග් වටයට සුදුසුකම් ලැබීමේ තරගාවලියෙන් අද (17) ආරම්භ වනවා.

සුදුසුකම් ලැබීමේ තරගාවලියට ශ්‍රී ලංකාව ඇතුලු කණ්ඩායම් අටක් ඇතුළත් ශ්‍රී ලංකා පිල, අයර්ලන්තය, නෙදර්ලන්තය සහ නැමීබියාව සමඟ සුදුසුකම් ලැබීමේ වටයට සහභාගිවනවා.

සුදුසුකම් ලැබීමේ තරගාවලියේ දෙවන කණ්ඩායමට අයත්වන්නේ බංග්ලාදේශය, ස්කොට්ලන්තය, පැපුවා නිව්ගිනියාව සහ ඕමානයයි.

එහිදී සෑම කණ්ඩායමක්ම සිය කාණ්ඩයේ අනෙකුත් කණ්ඩායම් සමඟ තරග වදින අතර, කාණ්ඩ දෙකේ වැඩිම ප්‍රසාද ලකුණු ලබන කණ්ඩායම් දෙක සුපිරි කණ්ඩායම් 12 හේ වටයට ඇතුළත් වනවා.

එම කණ්ඩායම් හතර දැනටමත් එම වටය සඳහා සුදුසුකම් ලබා ඇති කණ්ඩායම් අට සමඟ එක්වනු ඇති.

එලෙස සුදුසුකම් ලබා ඇති කණ්ඩායම් අතරින් පළමු කාණ්ඩයට එංගලන්තය, ඕස්ට්‍ර්ලියාව, දකුණු අප්‍රිකාව සහ බටහිර ඉන්දීය කොදෙව් පිල ඇතුළත්.

දෙවන කාණ්ඩයට අයත්වන්නේ ඉන්දියාව, පාකිස්ථානය, නවසීලන්තය සහ ඇෆ්ගනිස්ථානයයි.

සුපිරි කණ්ඩායම් දොළහේ වටයේදී සෑම කණ්ඩායමක්ම සිය කාණ්ඩයේ අනෙක් කණ්ඩායම් සමඟ තරග වදින අතර, එම වටය තරග 30 කින් සමන්විතයි.

ඉන් කණ්ඩායම් හතරක් අවසන් පූර්ව වටය සඳහා සුදුසුකම් ලබනු ඇති.

මෙවර විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලියේ ජයග්‍රාහී පිලට ඩොලර් දහසය ලක්ෂයක මුදලක් හිමිවන අතර, අනුශූරයන්ට හිමිවන ත්‍යාගය ඩොලර් අට ලක්ෂයක්.

අවසන් පූර්ව වටය සඳහා සුදුසුකම් ලබන සෑම කණ්ඩායමකටම ඩොලර් හාරලක්ෂය බැගින් හිමිවනු ඇති.

විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලියේ සුපිරි කණ්ඩායම් 12 වටයට සුදුසුකම් ලැබීම සඳහා වූ තරග දෙකක් අද පැවැත්වෙනවා.

එහි පළමු තරගයේදී ඕමානය, පැපුවා නිව්ගිනියා සමඟ තරග වදින අතර, දෙවන තරගය පැවැත්වෙන්නේ බංග්ලාදේශය සහ ස්කොට්ලන්තය අතරයි.

ශ්‍රී ලංකාව සහභාගිවන පළමු තරගය නැමීබියාව සමඟ අබුඩාබි හිදී හෙට පැවැත්වීමට නියමිතයි.

පළමු වටයේ තරඟ කාණ්ඩ දෙකක් යටතේ පැවැත්වෙනවා.

එක් කාණ්ඩයකට රටවල් හතරක් බැගින් ඇතුළත් අතර, එම කාණ්ඩවල පළමු ස්ථාන දෙක හිමිකර ගන්නා කණ්ඩායම් මෙවර තරගාවලියේ සුපිරි 12 වටය සඳහා සුදුසුකම් ලබා ගනු ඇත.

සුපිරි 12 වටය සඳහා මේ වන විටත් රටවල් 8ක් සුදුසුකම් ලබා අවසන්.

අවසන් වරට 20යි 20 ලෝක කුසලාන තරගාවලියක් පවත්වනු ලැබුවේ 2016 වසරේ දී වන අතර, එම තරගාවලියේ ශූරතාවය දිනා ගනු ලැබුවේ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමයි.

මෙවර තරගාවලියේ අවසන් පූර්ව වටයේ තරග සදහා හා අවසන් තරගය සදහා අමතර දිනයක් ද වෙන් කර තිබෙනවා.

කණ්ඩායම් කාණ්ඩගත වී ඇති අයුරු –

Round 1 –
Group A :
Sri Lanka, Ireland, Netherlands, Namibia

Group B :
Bangladesh, Scotland, Papua New Guinea, Oman

Super 12 –
Group 1 :
England, Australia, South Africa, West Indies, top seed Group A, second seed Group B

Group 2 :
India, Pakistan, New Zealand, Afghanistan, second seed Group A, top seed Group B

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles