විසිකෝටියක් වංචා කළැයි-ටිරාන් අලසුත් රිමාන්ඩ්

0
329

උතුරු නැගෙනහිර ප්‍රතිසංස්කරණ හා සංවර්ධන ඒජන්සියේ (රාඩා) හිටපු සභාපති ටිරාන් අලස් ඇතුළු සිව් දෙනකු නොවැම්බර් 10 වැනි දා දක්වා රිමාන්ඩ් කරන ලෙස කොළඹ මහාධිකරණ විනිසුරු කුසලා සරෝජිනී වීරවර්ධන මහත්මිය අද (2) නියෝග කළාය.

රාඩා ආයතනයට රජයෙන් දුන් රුපියල් විසිකෝටියක් වංචා කළැයි ප්‍රතිසංවිධානයේ හිටපු ජ්‍යෙෂ්ඨ ප්‍රධානියකු වන එමිල්කාන්තන්,රාඩා ප්‍රධාන මෙහෙයුම් නිලධාරී සාලිය වික්‍රමතුංග හා අාචාර්ය ජයන්ත ඩයස් සමරසිංහ ටිරාන් අලස් සමඟ රිමාන්ඩ් කරනු ලැබූහ.

පොලිස්  විශේෂ විමර්ශන ඒකකයේ පරීක්ෂණ වලින් පසුව ඔවුනට විරුද්ධව නිතිපති විසින් අධි චෝදනා ගොනු කැරිණි.

පොලිස් විශේෂ විමර්ශන ඒකකයේ අධ්‍යක්ෂක පොලිස් අධිකාරි මෙවන් ද සිල්වා මහතාගේ අධික්ෂණය යටතේ පරික්ෂණ පැවැත්වෙයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here