Friday, January 24, 2025

වීඩියෝ ක්‍රීඩාවලින් ඈත්වන්නැයි පාප්වහන්සේ ඉල්ලති

සෝපා පුටු මත වැඩි ෙව්ලාවක් වාඩි වී සිටීම සහ වීඩියෝ ක්‍රීඩා ඇවිදින බූට් සපත්තු වලට හුවමාරු කර ගන්නා ලෙස පෝලන්තයේ ජාත්‍යන්තර කතෝලික තරුණ සමුළුවට සහභාගි වෙමින් ෆ්රැන්සිස් පාප් වහන්සේ කම්මැලි සහ උදාසීන දරුවන්ට බල කර සිටිති.

විසිත්ත කාමරයේ ජනප්‍රිය ගෘහ භාණ්ඩය වන රූපවාහිනිය වේදනාව,බිය සහ දුක ආදියෙන් ආරක්ෂා කරන මායාවක් ලෙස අනතුරු හැඟ වූ පාප් වහන්සේරූපවාහිනි දර්ශන සහ ජංගම දුරකතනය සමඟ පැය ගණන් ගත කරමින් ඔවුන් ඔවුන්ව අහිමි කර ගෙන සිටින බවත් සඳහන් කළහ.

පාප් වහන්සේ මේ අවස්ථාව අමතද්දී ක්‍රැකෝ නුවර තරුණ සමුළුව වෙත රොක් වී සිටි පිරිස මිලියනයකට අධික බව වාර්තා වේ. අප මෙලොවට පැමිණියේ කම්මැලි වීමට නොවන බවත් , අප පැමිණියේ වෙනත් හේතුවකට එනම් සළකුණක් තැබීමට බවත් එතුමා තරුණ ප්‍රජාව අමතා ප්‍රකාශ කළහ.සිරියාවේ යුද හඩ වෙනුවෙන් යාඥා කළ පාප් වහන්සේ යුද්ධයක පැටලුන ලොවට අපගේ ප්‍රතිචාරය හඳුන්වන නම සහෝදරත්වය බව සඳහන් කළහ.

පෝලන්තයට පැමිණි පාප් වහන්සේ ප්‍රකාශ කළේ ලොව යුද්ධයක පැටලී ඇති බවයි.එතුමා මේ සංචාරය ආරම්භ කරනු ලැබුවේ ප්‍රංශයේ දී කිතුණු පියතුමකු ජිහාඩ් සාමාජිකයකු විසින් ඝාතනය කිරීමට පසු දින වන අතර යුරෝපය පුරා ප්‍රහාර රැල්ලක් නැඟ එමින් තිබිය දීය

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles