වීරවිල වැවේ පාවෙමින් තිබූ පුද්ගල මළ සිරුරක් ඊයේ (14) ගොඩගෙන තිබිණ.
මිය ගොස් ඇත්තේ, 45 හැවිරිදි මිරිස්ස ප්රදේශයේ පදිංචිකරුවෙකු බව පසුව හඳුනා ගැනිණ.
මොහු මීට දින කිහිපයකට පෙර මිතුරන් 6 දෙනෙකු සමග මත්පැන් පානය කරමින් සිට ඇති බවට තොරතුරු වාර්තා වේ.
මළ සිරුර පිළිබඳ පශ්චාත් මරණ පරීක්ෂණය අද හම්බන්තොට රෝහලේදි පැවැත්විමට නියමිත ය.