වී අලෙවි මණ්ඩලයට නව සභාපතිවරයෙක් පත් වෙයි

0
307

කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා විසින් ජ්‍යෙෂ්ඨ පරිපාලන නිලධාරියකු වු නීල් ද අල්විස් මහතා වී අලෙවි මණ්ඩලයේ සභාපති ලෙස පත් කර තිබෙනවා.

ඔහු එම තනතුරේ වැඩ බාර ගැනීම කොළඹ ජාතික නිවාස සංවර්ධන අධිකාරියට අයත් ගොඩනැගිල්ලේ පිහිටි වී අලෙවි මණ්ඩල ප්‍රධාන කාර්යාලයේදී ඊයේ (1) සිදු කළ බවයි කෘෂිකර්ම අමාත්‍යංශය සඳහන් කළේ.

ප්‍රාදේශීය ලේකම්වරයෙකු, දිසාපතිවරයෙකු හා රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ ලේකම්වරයා ලෙසද කටයුතු කර ඇති අල්විස් මහතා කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතාගේ උපදේශකවරයා ලෙසද කටයුතු කර තිබෙනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here