Saturday, September 21, 2024

වෘකයන් හා වලසුන් මැද අතරමං වූ දරුවා දිවි බේරාගෙන

වෘකයින් සහ වලසුන් බහුල සයිබීරියානු වනාන්තරයක් තුළ පැය 72 ක කාලයක් අතරමංව සිටි දරුවකු නිරුපද්‍රිතව නැවත හමු වී තිබේ. වයස අවුරුදු තුනක පිරිමි දරුවකු වන ඔහු සතුව තිබී ඇත්තේ කුඩා චොකලට් බාර් එකක් පමණක් බව සඳහන් ය. ඔහු හමු වන විට ලාර්ච් ගසක් යට නිදා සිටි බව වාර්තා වේ. ආසන්නයේ ඇති මිනාස් ගඟ නිසා දැඩි ශිතලක් ද පරිසරයේ පැවැති අතර වනාන්තර ප්‍රදේශය ද වෘකයින් සහ වලසුන් ගහණ භයානක අනතුරුදායක ප්‍රදේශයක් ලෙස සඳහන්ය. දවල් දවසේ පවතින උෂ්ණ කාලගුණය නිසා ඔහු සීතලට ඔරොත්තු දෙන ලෙස ඇඳ පැළඳ නොසිටි බවද දැඩි පරිශ්‍රමයක් යොදා ඔහුව සොයා ගත් වහාම ඔහු විමසා ඇත්තේ තම සෙල්ලම් මෝටර් රථය හොදින් තිබේ ද කියාය.

සිය මිත්තනියගේ බාරයේ හැදී වැඩෙන කුඩා සෙරින් ඩොප්චට් සොයා ගැනීමේ සතුට වෙනුවෙන් එම ගම්මානයම එක් වී විශාල සාදයක් ද පවත්වා ඇති බව වාර්තා වේ.

බී.බී.සී.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles