වෘත්තිය සමිති 200ක් හදිසි රෝගාබාධ නිසා නිවාඩු!

0
654

රාජ්‍ය සේවයේ වෘත්තීය සමිති 200කට අධික සංඛ්‍යාවක් අද (08) සහහෙට (09) යන දෙදින තුළ අසනීප නිවාඩු වාර්තා කිරීමේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක නිරත වීමට සැලසුම් කර තිබේ.

රාජ්‍ය හා පළාත් රාජ්‍ය සේවා වෘත්තීය සමිති එකමුතුව පැවසුවේ විධායක ශ්‍රේණියේ නිලධාරීන්ට පමණක් ලබාදී ඇති රුපියල් 25,000ක දීමනා ඉහළ නැංවීම සියලුම රාජ්‍ය සේවකයින්ට ලබාදෙන ලෙස ඉල්ලමින් මෙම ක්‍රියාමාර්ගය ගන්නා බවය.

ග්‍රාම නිලධාරි, මිනින්දෝරු, සංවර්ධන නිලධාරි, තැපැල් ඇතුළු රාජ්‍ය සේවයේ වෘත්තීය සමිති රැසක් මෙම ක්‍රියාමාර්ගය සඳහා එක්වන බව රාජ්‍ය හා පළාත් රාජ්‍ය සේවා වෘත්තීය සමිති එකමුතුවේ සම කැඳවුම්කරු චන්දන සූරියආරච්චි මහතා සඳහන් කළේය.