වෙඩි වැදුණු බ්‍රිතාන්‍ය මන්ත්‍රීවරියට අසාධ්‍යයි ජුනි

0
471

උතුරු එංගලන්තයේ දී වෙඩි ප්‍රහාරයකට ලක්වී තුවාල ලැබූ බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රීවරියක් අසාධ්‍ය තත්ත්වයෙන් පසු වන බව විදෙස් වාර්තා බවයි.

කම්කරු පක්ෂ මන්ත්‍රීවරියක වන ජෝ කොක්ස් (Jo Cox) රැස්වීමක් පැවැත්වෙමින් තිබූ පුස්තකාලයකට පිටතින් කෝලාහල කර ගත් පුද්ගලයන් දෙදෙනෙකු මැදට පැමිණි විට ඇයට වෙඩි වැදුණු බවයි සිද්ධිය ඇසින් දුටුවෙකු පවසා ඇත්තේ.

ඔහු පැවසු ආකාරයට එක් පුද්ගලයකු ගිනි අවියක් දරා සිට ඇති අතර මන්ත්‍රීවරිය ඔහු සමග පොර බදන මොහොතේ ඇයට වෙඩි වැදී තිබේ.

ඉන් පසු එම තුවක්කුව අතැතිව සිටි ප්‍රහාරකයා, බිම පතිත වුනු මන්ත්‍රීවරියට පිහියකින් ඇන තුවාල සිදු කිරීම හේතුවෙන් පදික වේදිකාවේ ඇද වැටී සිටි ඇයගේ සිරුරෙන් රුධිරය ගලා ගිය බවයි වාර්තා වන්නේ.

පොලීසිය විසින් පනස් දෙහැවිරිදි පුද්ගලයෙකු අත්අඩංගුවට ගනු ලැබ තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here